මේ පාර නම් මේ වැඩේ කරගන්න බැරි උනොත් විරාන් බොසා අපිව අඟලෙ කෑලි කපල බේරෙට දානව සමීර බොස්"
විරාන්ගෙ ඕඩර් එක එකට දැන් පැය හතරකට කිට්ටු වෙන්න වෙලාවක් තිස්සෙ ජයවර්ධනපුර පාර්ලිමන්ට් රෝඩ් එකේ තැනක නවත්තපු KDH එකක් ඇතුලට වෙලා සමීරත් එක්ක එයාගෙ සෙට් එක බලාගෙන ඉන්නව.
මේ බලන් ඉන්නෙ වෙන මොකටවත් නෙමෙයි කලින් දවසෙ තමන්ගෙ අතින් මිස් වෙච්ච ගොදුර ඩැහැගන්න.
"ඒක තමයි තොපිට කියන්නෙ වැඩක් කරද්දි ඒකෙ සිහියෙන් ඉඳපියව් කියල.
මේ පාරත් මේක ගැස්සුණොත් විරාන්ට අඟලෙ කෑලි කපන්න මම උබල එකෙක්වත් ඉතුරු කරන්නෑ මතක තියාගනින් ගිරිජා."
සමීර ඒ තර්ජනේ කලේ නිකන් නෙමේ අතේ තිබ්බ් පිස්ටල් එකත් දික් කරලමයි.
"බොස් අරූගෙ වාහනේ මේ දැන් ගාසර් රෝඩ් එකෙන් මෙහෙට දැම්ම. ෆලෝ කරනවද?"
සමීර ගිරිජා කියන මනුස්සයට තර්ජනයක් නොවෙන තර්ජනයක් කරද්දි ඩ්‍රයිවින් සීට් එකේ කෝල් එකක හිටපු කෙනා පිටිපස්ස හැරුණෙ එයාලට ඕනෙ කෙනා එනව කියන පණිවිඩේ සමීරට දෙන්න
"ශේදර්ට කියපන් අතන ශෝට් කට් එකෙන් ඌ හැරුණොත් අපිට මැසේජ් එකක් තියල ෆලෝ කරන්න කියල. ඌ මෙහෙන් ආවොත් අපි බලාගමු."
සමීර එයාගෙ සෙට් එකත් එක්ක මේ ෆලෝ කරන්නෙ නිකන්ම මනුස්සයෙක්ව නෙමෙයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන ආරක්ෂක ඇමති වෙච්ච ගරු මහේන්ද්‍ර ලශීර් වංශනායකව.
'ලශීර් ලොක්කට ජීවිතේ ගැන බයක් නිකන් ලාවට තිබිල වගේ"
"ම්ම්ම්...ඩයල් යන එන පුරුදු පාරවල් එහෙම වෙනස් කරල මේ මුඩුක්කු පේලි අස්සෙන් යන්න පුරුදු වෙලා නේහ්?"
කතාව අස්සෙ කට්ටියම අවධානෙන් ඉද්දි එක පාරම ඒ අවධානෙ බිඳුනෙ රිංග් වෙච්ච සමීරගෙ ෆෝන් එක නිසා.
📞 "බොස්, මිනිහව ගත්ත..පොඩ්ඩක් දඟලන්න ගත්ත නිසා සිහි නැති කරන්න උනා...."
එහා පැත්තෙන් කතා කරපු කෙනා දුන්න නිව්ස් එක නිසා සමීරට හුස්මක් වැටුණ. මේ පාරත් මිස් උනා නම් ඔක්කොටම කලින් විරාන් උණ්ඩයක් බස්සන්නෙ තමන්ගෙ ඔලුවට කියනෙක සමීර දැනන් හිටිය.
YOU ARE READING
Fierce Love: Taming the Gang Leader's Heart
Não Ficçãoරහස් ගොඩක් හැංගුණු ගුප්ත ජීවිතයක් ගත කරන සර්විස් සෙන්ටර් එකක් කරගෙන යන තරුණයෙක්... ආදරයම විතරක් ජීවිතේට හොයන අහිංසකම ලස්සන කොලු ගැටයෙක්... එයාලගෙ ජීවිත ඇතුලෙ මොනව වෙයිද??? 💜️ මොන වගේ රහස් හැංගුණ ජීවිත වෙන්න ඇතිද මේ? Start - 2024/04/16 End...