ඔයා ඇයි දැන් මේ මාව හොයන් ආවෙ? ඕක කියල යන්නද?"
"ම්ම්ම්......"
"හේතුව...?"
"මම ජිනාද්ට පොරොන්දුවක් උනා සුදු පුතා. ඌ මස්සිනාටත් වඩා මට හිටිය එකම යාලුවා. ඒ පොරොන්දුව වෙනුවෙන් මට මේ ගමන එන්න උනා"
"තාත්තට? පොරොන්දුවක්?
මොනාද මිනිහො දොඩවන්නෙ? මාව පිස්සෙක් කරන්නද උබල ඔක්කොටම ඕනෙ. එදාම අම්මයි තාත්තයි එක්ක මාත් යන්න ගියා නම් මේ මොන හුත්තක්වත් නෑ. මොන කරුමක්ද මේ ගෙවන්නෙ යකෝ මම ජීවිතේ බේරුණ පවට?"
හිතේ තිබ්බ පීඩනේ කැබින් එකේ බඩු මුට්ටු මතින් පිට වෙද්දි මම ආසාවෙන් එකතු කරපු ලිකර් කලෙක්ශන් එකම බිමට සමතලා වෙලා ගියා. ඒ එක්කම අනිත් පැත්තට හැරිල ඩෙලූකගෙ කොලර් එකෙන් මම අල්ලගෙන ඇදල ලඟට ගද්දි මෙච්චර වෙලා පණ තියනවද පිලිමද කියල හිතාගන්න බැරි උනු කලු පොරවගත්ත චූටි මාමගෙ ගැන්ග් එක කොහෙද මන්ද තිබ්බ පිස්ටල් ටිකක් අරන් මගෙ ඔලුවට ඒම් කලේ තප්පරේට හැටේ වේගෙන්.
"තියන්ඩ කියපං. ඔක්කොටම එකතු වෙලා එක පාර ඔලුකට්ට පෙනේරයක් වෙන්නනම තියල දාන්න කියපන්. එතකොට ඉවරයක්නෙ"
තවමත් ලිහිල් නොකරපු මගෙ දෑත් ග්‍රහණය තව තව තද වෙද්දි ඩෙලූකා එයාගෙ මිනිස්සුන්ට අතින් සන් කලේ පිස්ටල් ටික පල්ලෙහාට දාන්න කියල. ඒත් එකම මගෙ අතේ මැණික් කටුව හරියෙන් අමුතු විදියට අල්ලලා උරහිස හරිය හිරිවැට්ටුවෙ මට උගේ බෙල්ල අතෑරෙන විදියට.
"උබට ඔය දාන ශිල්ප කියල දුන්න එකත් මම කියල කිසි වෙලාවක අමතක කරන්න එපා පුතේ. උබව විකී කලේ මම"
ඒ කියල ඉවර වෙනවත් එක්කම කන ගාව අකුණක් ගැහුව වගේ ඇහුණෙ ඩෙලූකා මගේ කන අතගාපු සද්දෙ.
"කුලප්පු වෙලා විසඳන්න පුලුවන් ප්‍රශ්නත් ඇති විරාන්. හැබැයි මේක එහෙම එකක් නෙමේ. ඒ නිසා බූරුවෙක් නොවී වාඩිවෙයන් මේක විසඳගන්න විදියක් කතා කරගන්න.
මෙව්ව අස්සෙ මෙහෙම පැය ගනන් ලැගන් ඉන්න පුලුවන් එකෙක් නෙමේ උබේ චූටි මාම. සෑහෙන ලොකු risk එකක් අරන් මම මේ ඇවිල්ල ඉන්නෙ. වාඩිවෙයන් මෙන්න මෙහෙන්"
YOU ARE READING
Fierce Love: Taming the Gang Leader's Heart
Non-Fictionරහස් ගොඩක් හැංගුණු ගුප්ත ජීවිතයක් ගත කරන සර්විස් සෙන්ටර් එකක් කරගෙන යන තරුණයෙක්... ආදරයම විතරක් ජීවිතේට හොයන අහිංසකම ලස්සන කොලු ගැටයෙක්... එයාලගෙ ජීවිත ඇතුලෙ මොනව වෙයිද??? 💜️ මොන වගේ රහස් හැංගුණ ජීවිත වෙන්න ඇතිද මේ? Start - 2024/04/16 End...