එන මග දිගේ තිබ්බ නිකිල් ආස වුණු හැම තැනම නවත්තලා ෆොටෝස් අරන් ඇල්ලට එද්දි විරාන් හිතුවට වඩා රෑ වෙලා තිබ්බ වගේම කොල්ලට යමර මහන්සියක් තිබ්බෙ.
සම්පූර්ණ දුරම කාර් එක අරන් ආවෙ විරාන්. වංගු කපල වගේම පොඩි එකාගෙ official photographer වෙන්නත් උනු නිසා එසේ මෙසේ මහන්සියක් නෙමේ තිබ්බෙ. අනික Hangout එකෙන් එද්දිමත් දවල් වෙලා තිබ්බ නිසාම ගමන හිතුවට වඩා දිග උනා වගේම ෛස්සරහ දවස් දෙකක් නවතින්න කියල ප්ලෑන් කරන් හිටපු තැනට එද්දි හුඟක් රෑ උනා.
මග දිගටම කකා ආව නිසා නිකිල්ට රෑට කන්න බඩගින්නක් නෑ කිව්ව හින්දම දෙන්න වොශ් දාගෙන නිදාගන්න ආවෙ පහුවදා ඇවිදින්න යන තැන් සේරම නිකිල් කියවද්දි.
පොඩි එකා හිටියෙ වචනයේ පරිසමාප්තියෙන්ම 'සතුටින්'. ජීවිතේ ගෙවුණු අවුරුදු 18න් කිසිම දවසක මේ සතුට, නිදහස, සැහැල්ලුව තමන්ගෙ ජීවිතේ නොතිබ්බ බව නිකිල් දැනන් හිටිය.
කොහොම උනත් මහන්සි නිසාම නින්ද එච්චර ඉක්මනට විරාන් ගාවට ආවෙ නෑ. ඉතින් තමන්ගෙ පපුව උඩ එක කම්මුලක් තද කරන් ඉතුරු ශරීරෙන් බාගෙකටත් වඩා තමන්ගෙ ඇඟ උඩට බර කරගෙන ඩැහි අඬුවක් වගේ තමන්ව කඩ්ල් කරන් ඉන්න ජීවියගෙ මූණ දිහා විරාන් බලන් හිටියෙ හරි ආදරෙන්.
ඒ තරම් ආදරණීය බැල්මක් නිකිල් ඇහැරලා ඉන්න වෙලාවකවත් දැකල නැතුව ඇති එච්චර ආදරයක් ඒ බැල්මෙ තිබ්බෙ. විරාන්ට කොල්ලව පොඩි වෙන්නම කිස් කරන්න හිත කිව්වත් හිනෙනුත් හිනා වෙවී නිදාගෙන ඉන්න පොඩි එකාව ඇහැරවන්න එයාට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. ඒ නිසා හෙමීට ඒ හිස් මුදුනෙන් හාදු දෙක තුනක් තියල තව ටිකක් තමන් දෙන්නවම වැහෙන්න බ්ලැන්කට් එක ඇද ගත්තෙ නිකිල් සීතලට තව තව ගුලි වෙන්න හොයපු නිසා.
හැබැයි මේ වෙලාවෙ ආව එක කෝල් එකක් නිසා විරාන්ගෙ සම්පූර්ණ මූඩ් එකම අනිත් පැත්‍ත ගැහුව. කෝල් එක එන්නෙ Italy නම්බර් එකකින් කියල දැක්ක ගමන් විරාන් නිකිල්ව ඇඳේ තියල යන්න හැදුවත් ඒ අත් වකින් ගැලවෙන්න බැරි උන නිසා ම එතන ඉඳන් ෆෝන් එක ආන්සර් කරන්න තීරණේ කලා. මොකද ඒක ආන්සර් කරන්නම ඕන කෝල් එකක්..
YOU ARE READING
Fierce Love: Taming the Gang Leader's Heart
Non-Fictionරහස් ගොඩක් හැංගුණු ගුප්ත ජීවිතයක් ගත කරන සර්විස් සෙන්ටර් එකක් කරගෙන යන තරුණයෙක්... ආදරයම විතරක් ජීවිතේට හොයන අහිංසකම ලස්සන කොලු ගැටයෙක්... එයාලගෙ ජීවිත ඇතුලෙ මොනව වෙයිද??? 💜️ මොන වගේ රහස් හැංගුණ ජීවිත වෙන්න ඇතිද මේ? Start - 2024/04/16 End...