පැයක් ගත වෙද්දි විරාන්, නිකිල් වගේම සමීරත් හිටියෙ ප්‍රයිවට් ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරපු පොඩි ප්‍රයිවට් එයාපෝට් එකක් වගේ තැනක. එතන මහ විශාල ආරක්ෂාවක් තිබ්බ වගේම ඒ හිටිය කිසිම ආරක්ෂකයෙක් ලංකාවෙ පෙනුමක් ගත්තෙ නෑ. නිකිල් නම් හරියට හීනෙන් ඇහැරලා වගේ මේ වෙන දේවල් ප්‍රොසෙස් කරගන්න බැරුව තමන්ව ඇදගෙන යන විරාන්ගෙ ශක්තිය නිසා ඉස්සරහට ගියාට විරාන් වගේම සමීර නම් හැසිරෙන්නෙ හරිම පුරුදුකාරයො ගානට.
ඇත්තත් ඒක ම තමයි. ඒ දෙන්නට මේ දේවල්වල මහ අමුත්තක් නෑ. මේ තමා අවුරුදු ගානකට කලින් විරාන් ගෙව්ව සාමාන්‍යය ජීවිතේ. තමන් වෙනුවෙන් ම වෙන් වුනු කාර්යමණ්ඩලයක් එක්ක ෆ්ලයිට් එකට ඇතුල් වුණු විරාන් නිකිල්ගෙ අතින් එක තප්පරේකටවත් අතෑරියෙ නෑ. අති සුඛෝපභෝගී ෆ්ලයිට් එකේ විරාන්ට වෙන්වුණු විශාල නිදන කාමරයකට ඇතුල් වෙලා දොර වැහුවෙ තමන්ව පහුකරගෙන යන සමීරටත් සැලියුට් කරන ගමන්. "පොඩි එකාවත් අරන් ඕක අස්සට රිංගුවට කමක් නෑ අඩි 3000ක් උඩුගුවනේ මධුසමය ගතකල මාෆියා සාමාජිකයා වගේ නිව්ස් හදන්න ලෑස්ති වෙන්ඩෙපා බොසා..." මහ කුපාඩි පාට හිනාවකුත් කට කොණේ තියාගෙනම එහෙම කිව්ව සමීර ලස්සන අක්ක බබෙක් පස්සෙන් එතනින් ගියේ විරාන් නම් මැද ඇඟිල්ලේ උපහාරය දක්වද්දි. දොරත් වහල අනිත් පැත්ත හැරෙද්දි විරාන් දැක්කෙ එයා මේ ලෝකෙ දකින්න ආසම දේ.
එයාගෙ පොඩි එකා, එයාගෙ ආදරේ ඒ චුට්ටට අර විශාල කාමරෙන් බාගයක් විතර අයිතිකරගෙන තිබ්බ ලොකු ඇඳේ මැද්දට වෙන්න ගුලි වෙලා නිදාගෙන ඉන්න හැටි. කරන්න කියන්න හදපු ඔක්කොම අමතකයි ඉතින් පොරට. ටීශර්ට් එක උඩින් දාන් ඉඳපු ජැකට් එක ගලවලා දාන ගමන් ශූස් දෙකත් පන්නපු විරාන් බොසත් හෙමීට ඇඳට බරවුණේ සැප නින්දකට වැටිල උන්නු නිකිල්ව ඇහැරෙන්නැති වෙන්න තුරුල් කරගන්න ගමන්. කොච්චර නින්දට බාධා කරන්නෑ හිතුවත් ඒ අහිංසක තාලෙට නිදන් ඉන්න හා පැටියා දැක්කම හාදු වලින් නාවන්නැතුව ඉන්න එක කොහෙත්ම පාලනය කරගන්න බැරි උනා විරාන්ට.
*********************
කොහොම හරි විරාන් එක්ක කතා කරන්න ඕනෙ කියල හිත හිත ෆ්ලයිට් එකට නැගල නිනදක් දාපු නිකිල් ආයෙම ඇහැරෙද්දි පැය දෙක තුනක් ගිහින්. එලිය පේන පොඩි පොඩි ග්ලාස් වින්ඩෝ වලින් එයාට පේනව මේ ඉන්න ඉහල අහසෙ වලාකුලු අස්සෙන් පියාඹන ගමන් කියල. ඇහැරුණු ගමන් ඇඟට දැනෙන අර කැත කම්මැලිකම යන්න එක්ක අත් දෙක දිගෑරල හිරියක් එහෙම කඩපු නිකිල් ඊලඟට බැලුවෙ විරාන් කෝ කියල.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
![](https://img.wattpad.com/cover/367176964-288-k542182.jpg)
YOU ARE READING
Fierce Love: Taming the Gang Leader's Heart
Non-Fictionරහස් ගොඩක් හැංගුණු ගුප්ත ජීවිතයක් ගත කරන සර්විස් සෙන්ටර් එකක් කරගෙන යන තරුණයෙක්... ආදරයම විතරක් ජීවිතේට හොයන අහිංසකම ලස්සන කොලු ගැටයෙක්... එයාලගෙ ජීවිත ඇතුලෙ මොනව වෙයිද??? 💜️ මොන වගේ රහස් හැංගුණ ජීවිත වෙන්න ඇතිද මේ? Start - 2024/04/16 End...