"බබා..."
නිදාගන්න ඕන කියල ඇවිල්ල පැයකට වැඩි උනත් තමන්ගෙ shirtless පපුවෙ රෝම එක්ක සෙල්ලම් කරන නිකිල් දිහා බලල විරාන් කතා කලේ එයත් මෙච්චර වෙලා බල බල හිටපු මූවි එකෙන් ඇස් අහකට අරන්.
හැබැයි පොඩි මෑන්ස්ට නම් විරාන් දිහා බලන්න වෙලාවක් නෑ ඩයල් එක නිකන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඇවිල්ල පාර දෙපැත්තෙ කැලෑ කපනව වගේ විරාන්ගෙ පපුවෙ රෝම ඇද ඇද එකටම සෙල්ලමක්.
"ඕ...."
"ඔයා මම කීව දේ ගැන කල්පනා කලාද?"
ඔන්න එතකොට නම් නිකිල් පොඩි ඉන්‍ටවල් එකක් අරන් විරාන් බොසා දිහා බැලුව. වරදවා වටහගන්න එපා නැවැත්තුවේ නෑ. ඒක ඉන්ටවල් එකක් හර්තෙ.
"මොනහ්?"
"අපි Russia යන එක?"
"ඒකෙ ඉතින් ආයෙ හිතන්න දෙයක් තිබ්බවෑ. ඔයා කොහේ ගියත් මම එනව එච්චරයි"
"ම්ම්ම්ම්..."
"ඇයි එපාද? එපා නම් කෙලින් කියන්ඩකො ඉවරනෙ"
"මොකද බං වෙලා තියෙන්නෙ කවුද දැන් මෙතන එපා හු#තක් කිව්වෙ?"
"ඉතින් ඔයානෙහ්"
"ඔයාඥෙ තැමැහ්..."
"................"
"ඔයා මං එක්ක එනව කියන්නෙම ඔයාගෙ ජීවිතේ තියන මේ නිදහස සෑහෙන දුරට නැති වෙනව කියනෙක චූටි. මට බොරු කියල සුරංගනා කතා මවල ඔයාව එහෙ ගෙනියන්න බෑ.
මට මේ ලෝකෙ තියන හැම සැපක්ම ඔයාට දෙන්න පුලුවන්. හැබැයි දැන් නැති උනත්, ඔයා මේ ලංකාවෙ හිටියොත් කවදහරි මට ඔයාට දෙන්න පුලුවන් විදියෙ නිදහසක් මට මගෙ මැණිකට දෙන්න බෑ.
මේ වගේ හැම නිතරම ඔයා එක්කම දැවටිලා ඉන්න වෙන්නෑ. දවස් ගණන් ඔයාට මං නැතුව ඉන්න වෙයි. හැබැයි මම පොරොන්දු වෙනව මගෙ චූටිව මේ තරම් ම, සමහරවිට මීටත් වඩා ආදරෙන් බලාගන්න මට පුලුවන්."
ඉතින් ඒ තමයි විරාන්ගෙ ආදරේ. ආදරේ නාමෙන් හිත රිදෙනවට බොරු කියන ප්‍රේමවන්තයො අතරෙ හිත රිදුනත් ඇත්‍තම කියල හැමදේටම නිකිල්ව ඕකේ කරන එක තමා විරාන්ට ඕනෙ උනේ.
YOU ARE READING
Fierce Love: Taming the Gang Leader's Heart
Non-Fictionරහස් ගොඩක් හැංගුණු ගුප්ත ජීවිතයක් ගත කරන සර්විස් සෙන්ටර් එකක් කරගෙන යන තරුණයෙක්... ආදරයම විතරක් ජීවිතේට හොයන අහිංසකම ලස්සන කොලු ගැටයෙක්... එයාලගෙ ජීවිත ඇතුලෙ මොනව වෙයිද??? 💜️ මොන වගේ රහස් හැංගුණ ජීවිත වෙන්න ඇතිද මේ? Start - 2024/04/16 End...