එතනින් පස්සෙ විනාඩි ගානක් යනකන්ම ගෙවුණෙ කිසිම සද්දයක් නැතුව. අඩුගානෙ මේ කැබින් එක ඇතුලෙ කිසිම සද්දයක් නැතුව. එලියෙන් ඇහෙන සර්විස් සෙන්ටර් එකේ සද්ද බද්ද එක්ක පාරෙ යන බස් එකක හෝන් සද්දෙ ඇරුණම මේ ටයිම් එකට සර්විස් සෙන්ටර් එක අවට හරි නිස්කලංකයි, නිහඬයි.
එහෙම ගෙවුණු සැලකිය යුතු වෙලාවකට පස්සෙ මහ ගැඹුරු හුස්මක් අතෑරපු ඩෙලූකා ආයෙම සෝෆා එකට බර උනේ අත් දෙකත් සෝෆ එකෙන්ම බර කරල ඔලුව බිමට හරවගන්න අතරෙ. මාව පොඩ්ඩක් අවුට් යන්න ගත්තෙ දැන්. මොකද මේ මම දන්න ඩෙලූකා නෙමෙයි. මම අර වගේ කට කැඩිච්ච කුපාඩි කතාවක් කිව්වටත් පස්සෙ මෙහෙම රෙස්පොන්ඩ් නොකර ඉන්න මිනිහෙක් නෙමේ මාව ට්රේන් කරපු, Blackthorn මාෆියා එක හැන්ඩ්ල් කරපු ඩෙලූකා කියන්නෙ.
"උබ මැරිල කියල හිතල ගෙවිච්ච අවුරුදු 10කට පස්සෙ මාරෝ උබව හොයනව විරාන්."
ඩෙලූකගෙ කටින් පිටවුණු ඒ වචන ටික හුලං කපාගෙන ඇවිල්ල කන් දෙක අස්සෙන් මොලේට යද්දි මට දැනුණ මගෙ මුලු ඇඟම සලිත වෙලා යනව කියල. හැබැයි ඒකට හේතුව මේකයි කියන්න ඒ වෙලාවෙ මට එක හේතුවක් තිබ්බෙත් නෑ, තිබ්බත් ඒක තේරුම් ගන්න තරම් මගෙ ඔලුව එක විදියක තිබ්බෙත් නෑ.
විශ්වාස කරන්න පාඨක හිතවතුනි, බ්ලැක්තෝ(ර්)න් අතෑරල ඇවිල්ල ගෙවුණු අවුරුදු 10 ඇතුලෙ මාව හික් ගස්සවන්න පුලුවන් උන එකම වචන පේලිය තමා දැන් මගේ ඉස්සරහින් මට පිටුපාල ඉන්න මනුස්සයා ඒ කිව්වෙ.
Maro Vanis D'souza (මාරෝ වානිස් ඩි'සූසා) එහෙම නැත්නම් මගේ බාප්පා. ඩෙලූකා කියන්නෙ යක්ෂයා නම් මාරෝ කියන්නෙත් ඊටත් අන්ත යක්ෂයෙක්. පවුල් දෙකක ජීවිත වෙනස් කරපු, සතුට විනාස කරපු, හැඟීම් ගිනි තිබ්බ තිරිසනෙක්.
ඩෙලූක ආව කිව්වම ඌගෙ ඉස්සරහටම ඇවිල්ල අමතපදං කියන්න ගට තිබ්බ විරා දැන් කුක්කෙක් වෙලා ඉන්නෙ. එකම එක වචනෙකින්.
"තමුසෙ ඕක කියන්න නෙමේ මාව හොයාගෙන ආවෙ චූටි මාමෙ?"
ඔලුව ඇතුලෙ මල ජංජාලයක් වෙලා තිබ්බත් අර දන්න දා ඉඳන් තියන කසඩ ගතියට ඒක පෙන්නන්නෑ මං. මේන්ටේන් කරන Ego එකට හරි මදිනෙ. නැත්නම් අච්චර ආදරේ හිතුණු එකා බැහ් ගාපු ගමන් සයිඩ් එකට වෙයිද අනේ.
YOU ARE READING
Fierce Love: Taming the Gang Leader's Heart
Non-Fictionරහස් ගොඩක් හැංගුණු ගුප්ත ජීවිතයක් ගත කරන සර්විස් සෙන්ටර් එකක් කරගෙන යන තරුණයෙක්... ආදරයම විතරක් ජීවිතේට හොයන අහිංසකම ලස්සන කොලු ගැටයෙක්... එයාලගෙ ජීවිත ඇතුලෙ මොනව වෙයිද??? 💜️ මොන වගේ රහස් හැංගුණ ජීවිත වෙන්න ඇතිද මේ? Start - 2024/04/16 End...