කිසිම කතාවක් බහක් නැතුව ගෙවුනු විනාඩි ගානකට පස්සෙ වේටර් ගෙනල්ල තිබ්බ cappuccino දෙකයි croissant එකයි cinnamon role එකයි යන්නන් වාලෙට අපි දෙන්නගෙම බඩට ගියෙ මට නිකන් මලගමක වයිබ් එකක් දැනෙද්දි. එකාතකට මලගමක් තමා. මගේ ප්‍රථම ප්‍රේමය උපන් තැනම මලගම් ගියා.
නිකිලුත් කාල ඉවරයි කියල පෙනුනු නිසා බර හුස්මකින් පපුව පුරවගත්තු මං ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටෙ නිකිල් මාව අනුගමනය කරද්දි. ලෝකෙ සතුටින්ම ඉන්න මනුස්සය විදියට මේක ඇතුලට ආපු මං ලෝකෙ ඉන්න පරාජිතම මනුස්සය විදියට මේ එලියට යන්නෙ. හැමදාම නොලැබීම් තිබ්බ ජීවිතේ මේක මොකද්ද? ඒත් අම්ම අප්ප කියන්න ලේ නෑයෙක් නොඉඳපු මට මගෙම කියල බැඳීමක් ඕනෙ කියල දැනුනෙ මුල්ම වතාවට. දරදඬු හිතට උනත් දරාගන්න අමාරු ඒක වෙන්න ඇති.
එලියට යන්න යද්දිම කැෆේ එකේ මැනේජර් මගෙ පැත්තට ඇවිදගෙන ආවත් මගේ එකම එක හස්ත සංඥාවකින් පොර ගමන් මාර්ගෙ ක්ෂණිකව වෙනස් කලා. හැංගුණු ජීවිතයක් ගෙවන එක ලේසි නෑහ්.
*********************
"හෙලොව් කියපං විරා..."
"ඩෙරා...."
"ඕ කොල්ලො? මොකෝ සීන් එක?"
"ලීලා නෝන ඇහුවොත් මම උබ එක්ක ඉන්නෙ කියපං"
"ඇයි උබට අද වැඩක්ද? මට කලින් කිව්වෙ නෑනෙ? පොඩි එකාව හම්බෙලා ආවද උබ?"
"මම සර්විස් සෙන්ටර් එකේ ඉන්නෙ. උබට පස්සෙ සීන් එක කියන්නම්. මට අර උදව්ව කරපංකො පුලුවන් නම්"
"අනේ හුත්......"
ඩෙරාගෙ කියවිල්ලත් වදයක් වගේ දැනෙද්දි කවදාවත්ම නැතුව ආච්චම්මටත් බොරුවක් කියන්න ඌට උගන්නලා ඌ කිය කිය ඉඳපු එකත් නාහම මං කෝල් එක කට් කරල දැම්ම.
එහෙමම ෆෝන් එක ඕෆ් කරල මේසෙ උඩින් අතෑරල මම ගියේ මගෙ ලිකර් කලෙක්ශන් එක ගාවට. ඩේලි බෙබෙක් නෙමේ නිසා මහ ගොඩක් ලිකර් ජාති නොතිබ්බ උනත් ශොට් දෙක තුනෙන් අජටාකාශගත වෙන ෆීලිං එකක් ගන්න පුලුවන් ජාති දෙක තුනක්ම තිබ්බ ඒ කැබිනට් එකේ.
YOU ARE READING
Fierce Love: Taming the Gang Leader's Heart
No Ficciónරහස් ගොඩක් හැංගුණු ගුප්ත ජීවිතයක් ගත කරන සර්විස් සෙන්ටර් එකක් කරගෙන යන තරුණයෙක්... ආදරයම විතරක් ජීවිතේට හොයන අහිංසකම ලස්සන කොලු ගැටයෙක්... එයාලගෙ ජීවිත ඇතුලෙ මොනව වෙයිද??? 💜️ මොන වගේ රහස් හැංගුණ ජීවිත වෙන්න ඇතිද මේ? Start - 2024/04/16 End...