විරාන්ටයි නිකිල්ටයි පොඩ්ඩක් ආශ්‍රය කරන්න මේ එපියම ඒ දෙන්නට දුන්න හොඳේ...දෙන්න පලවෙනි පාරටනෙ මේ පොඩ්ඩක් ලඟින් ඉන්නෙ 🤭
.
.
.
.
.
.
.
ෆෝන් එක කට් කරල සාක්කුවට දාගෙන මං ආයෙම බැල්කනි එකේ අත් වැටට බර උනේ ඒ වෙද්දි හිතේ තිබ්බ කේන්තිය සෑහෙන්න අඩු වෙලා කොල්ලට කෑගහපු එක ගැන පසුතැවීමක් හිතට කාන්දු වෙද්දි.නිකිල් කරන්නෙම බොරුවට මගේ කේන්තිය අවුස්සන එක. හුඟක් වෙලාවල්වල ඒව ඉවසගෙන පාඩුවෙ හිටිය උනත් අද දවසෙ වෙච්ච දේවලුත් එක්ක කොල්ලගෙ කටින් පිට උනු වචන දෙක තුන මාව කේන්ති ගැස්සුවටත් වඩා සෑහෙන්න කලබල කලා. මම මීට වඩා නිකිල් ඉස්සරහ මාව පාලනය කරගන්න ඕනෙ.
කොල්ලට මේ ලෝකෙ ඉඳපු එකම කෙනා එයාගෙ අප්පච්චිත් නැති වෙලා කියල දැනගත්තොත්??? මොනව වෙයිද?
හිතල හිතල අන්තිමට මම තීරණේ කලා පුලුවන් තරම් කාලයක් ඒ කාරණාව නිකිල්ගෙන් හංගලා තියනව කියල. මෙහෙ ඉන්නකන් ඒ වගේ දෙයක් නිකිල්ට දැනගන්න විදියකුත් නෑ. ඒ නිසා හැමෝටම හොඳ ඒක. මොකද තාම මේ වෙන කිසිම දෙයක් ගැන ක්ලියර් අයිඩියා එකක් මට තිබ්බෙත් නෑ.
මට තව වෙලා හිතන්න බැරි උනේ එක පාරටම මට පිටිපස්සෙන් ආපු කෙනෙක් මගේ අත්දෙක අස්සෙන් අත දාල පපුව මැද්දට අත්දෙක ගෙනල්ල මාව පිටිපස්සෙන් තුරුල් කරගනිද්දි.
බලාපොරොත්තු නොවුණු වෙලාවක සිද්ධ උනු දේ නිසා පොඩ්ඩක් ගැස්සුණත් ඒ කවුද කියන්න සැකයක් තිබ්බෙ නෑ මට. මගේ හිතුවක්කාරයා. පිට මැද්දටවත් උස නැති බටු ඇටේ.
මාව තුරුල් කරගෙන එහෙමම පිටට කම්මුල හේත්තු කරගත්තත් මම හෙල්ලෙන්නෙවත් නැතුව හිටියෙ ඊලඟට මොකද කරන්නෙ බලන්න. තාම කේන්තියෙන්ද කියලද කොහෙද බලන්නෙ.
හැබැයි වැඩි වෙලාවක් මට නිකිල්ව ගනන් නොගෙන ඉන්න බැරි උනේ මගේ ආර්ම් කට් එකත් තෙමාගෙන පිට මැදට දැනුනු තෙත සීතලට. නිකිල් අඬනව. මං දන්නෑ මේ කොල්ල මං ඉස්සරහ පුදුම විදියට අඬන්නෙ. ඒ කඳුලු මාව තෙමද්දි මට දැනෙන්නෙ මාව පණ පිටින්ම පුච්චලා දානව වගේ.
දැනිල තියනවද අර පපුවෙ උඩක ඉඳන් අමුතු හිරියක්, කරන්ට් එකක් වදින හැඟීම. මේ මොහොතෙ මට දැනුනෙත් අන්න ඒක.
YOU ARE READING
Fierce Love: Taming the Gang Leader's Heart
Non-Fictionරහස් ගොඩක් හැංගුණු ගුප්ත ජීවිතයක් ගත කරන සර්විස් සෙන්ටර් එකක් කරගෙන යන තරුණයෙක්... ආදරයම විතරක් ජීවිතේට හොයන අහිංසකම ලස්සන කොලු ගැටයෙක්... එයාලගෙ ජීවිත ඇතුලෙ මොනව වෙයිද??? 💜️ මොන වගේ රහස් හැංගුණ ජීවිත වෙන්න ඇතිද මේ? Start - 2024/04/16 End...