20

328 17 4
                                    

"මොකද.......හ්?"

ෆෝන් එක කනේ තියාගත්තට වඩා වේගෙන් විරාන් ඒක කනෙන් ඈත් කලේ එහා පැත්තෙන් කතා කරපු එකා කතා කලේ හරී..........ම හිමින් නිසා.

"සොරි චූටි මැණික. පොඩි වැඩකට බිසී උනානෙ අයිය.

මොකෝ කියන්නකො දැන් මෙච්චර කෝල් අරන්? එද්දි මොනා හරි ගේන්න ඕනෙද බබාට?"

විරාන් හරිම අහිංසක තාලෙට ඇහුවෙ ලයින් එක එහා පැත්තෙ ඉන්නෙ ස්ඵෝටනය වෙන්න ඔන්න මෙන්න තියන කාල බෝම්බයක් නිසා. අනික ඉතින් වැරැද්ද කොහොමත් තමා අතමනෙ.

"හා හා මහන්සියෙන් පච හැලුව ඇති. අද රෑටවත් ගෙදර එනවද කියන්නකො?

අයියෙ ඔයා මාව මෙහෙ තනියම දාල දැන් දවස් 4ක් විතර තිස්සෙ ඔහෙ ඉන්නෙ. කලින් සැරේ නම් සමීර අයිය හරි හිටිය මට."

මුල ටික ඉතින් ගමකට ගහන සද්දෙන් කියල අන්තිම හරියට එද්දි පුරු පුරු ගෑව වගේ.

"මම තව පැය බාගෙන් මෙහෙන් එන්න පිටත් වෙනව. ඔයාගෙ මහ ලොකු සමීර අයියවත් අරන් එන්නෙ. මගෙ මැණික රෑට කන්න දෙයක් හදනවද ? ඔයාගෙ කෑම මට සෑහෙන මිස් උනා චූටි සමීරයගෙ ලුණු නැති කෑම ගිලිද්දි.."

විරාන් ඒ ටික නම් කිව්වෙ අවංකවමයි. පොරට ඇත්තටම නිකිල්ව වගේම නිකිල් එක එක ආලවට්ටංදාල රසට උයල ලඟට ගෙනත් අනල කවන රසම රස කෑම මාර විදියට මිස් වෙලා තිබ්බෙ.

ඒ වෙනුවට එයාට කන්න වෙලා තිබ්බෙ සමීර බ්‍රෝගෙ ලුණු මිරිස් මුකුත් නැති හොස්පිට්ල් කෑම ටයිප් එකේ කෑම..පෞ ඉතින් වීරයා.

"ම්ම්ම්....පරිස්සමට එන්න අයියේ. මං බලන් ඉන්නෝ...ආදරෙයි....ummmmmmmmmmmawh"

විරාන්ගෙ කට කොනේ මැවුණු හරි ලස්සන හිනාව දැක්ක නම් විරාන් ව අඳුරන ඕන මනුස්සයෙක් පුදුම වෙනව. එච්චර ආදරණීයයි ඒ හිනාව.

"ගේන්න මුකුත් නැද්ද චූටි...?"

"ම්හ්ම්...මුකුත් එපා..."

"හරි එහෙනම්. පරිස්සමට ඉන්න හොඳද? අයිය ඉක්මනට එනව"

මීට ටික වෙලාවකට කලින් මනුස්සයෙක්ව පණ පිටින් මරණෙට කැප කරපු Vikey ආයෙම එයාගෙ චූටිගෙ ලොකූ වෙලා.

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now