01

464 27 5
                                    

වෙනදටත් වඩා උදෙන් නැගිට්ට මම ජිම් එකට යන්න ලෑස්ති උනේ ආයෙම නින්ද යන්නෙත් නැති නිසා. ජිම් එක කිව්වට දුකට සැපට මට කියල තියන මගේ කාමරේ පැත්තක දාල තියන යකඩ කෑලි ටික උස්සන තල්ලු කරන එක තමයි මගෙ ජිම් කෙරුවාව.

ඒක නොකල උනත් දවසම ගැරේජ් එකේ වාහන එක්ක ඔට්ටු වෙවී ඉන්න මට අමුතුවෙන් කියල හදන්න දෙයක් නෑ මගෙ ඇඟේ. කොල්ල නිකන් ග්‍රීක සෙබලෙක් වගේ ඉන්නව අවුරුදු 27ක් උනාට.

ආහ්...මම විරාන්. විරාන් දේශිත. දැනුම් තේරුම් තියන පුංචි කාලෙ ඉඳලම අම්මෙක් තාත්තෙක් නොහිටපු මාව දරුවෙක් වගේ බලාගත්තෙ ලිලී ආච්චි. දැන් කරදඬු උස් වෙලා හිටිය උනත් අදටත් මම එයාට එයාගෙ චූටි විරූම තමයි. ඉතින් ඒ නිසා ටවුන් එකේ හැම කෙනාටමත් මම සර්විස් එකේ විරූ.

"විරූ මේ කොළ කැඳ එක බොන්න මහත්තයො උදේම ඔය යකඩ ගොඩ එක්ක ඔට්ටු වෙන්නැතුව"

ඉතින් ඒ මේ මුලු ලෝකෙන්ම මට කියල ලං වෙන්න පුලුවන් එකම ගෑනු චරිතෙ. ලිලී ආච්චි.

"තියන්න ආච්චම්මා. මම අද පොඩ්ඩක් පරක්කු වෙනව ගැරේජ් එක අරිද්දි වාහනයක් බලන්න යන්න ඕනෙ නුගේගොඩට"

අද දවසෙ තියන මුල්ම රාජකාරිය මතක් වෙලා මම ආච්චම්මට කිව්වෙ නැත්නම් ඕක අමතක උනොත් දවසම අහගන්න වෙන නිසා.

"යන දිහාවක යන්නෙ කාල බීල ඉවර වෙලා හරිය. ආයෙ මගෙන් හනසු පාර කන්න තමා නැත්නම්"

ඔය මම කිව්වෙ. උස්සන් ආපු කැඳ වීදුරුව මේසෙ උඩ තියල මූණ බිත්තියෙ වදින ගානට ගස්සන් ගියේ මට. දකින ඕන එකෙක් අඩුගානෙ ඇඟපත දැක්කම වත් බය් වෙනව ඒකට ගෙදර.

"හරි හරි ලීලා නෝනේ...ඔයා දෙනව නම් ඉතින් පුන්නක්කු හරි කාලනෙ මැණිකෙ යන්නෙ මම. අද මට කුක්කු නැද්ද ඉතින් ?"

"අනේ ඇත්තටම විරූ උබට අවුරුදු 27ක් උනේ රුවිතෙටද ? ඔය මූණත් තහඩුව හෝදගෙන එනව කුස්සියට. තව ටිකකින් උබේ අර බඩගිනි හමුදාවෙ හමුදාපති කඩාවදී මම යනව ඉඳිආප්ප ටික බාන්න."

ම්හූ..එයාගෙ ජීවිතේ මටමයි දිය වුණේ. ඒ නිසයි හැමදාම මම මගේ පුලුවන් උපරිමෙන් එයාව බලාගන්නෙ. සරල ජීවිතයක් ගෙවන අපි දෙන්නට අඩුපාඩු කියල දෙයක් නොතිබ්බ තරම් ඉතින්.

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now