විරාන් කිව්වත් වගේම කෑම කෑවට පස්සෙ මහ වෙලාවක් එයාලට ෆ්ලයිට් එකේ ඉන්න උනේ නෑ. තව විනාඩි 15කින් විතර ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනව කියන මැසේජ් එක සමීරගෙන් හම්බුණාට පස්සෙ විරාන් කලේ ඇඳ උඩට වෙලා ටීවී එක බලන නිකිල්ට කතා කරපු එක.
"කෝ මෙහෙට එනවකො චූටි. ඔය පිජාම එක ගලවලා මෙන්න මේක ඇඳගන්න. නැත්නම් මට ගිනි ගොඩක දාල තියල තමා තමුසෙගෙ ෆ්‍රීස් එක යවන්න වෙන්නෙ."
මූණ නිකන් ඇදවෙච්ච සතපහ වගේ කරගෙන නිකිල් විරාන්ගෙ දිහා බැලුවෙ තාම අර නින්දෙන් ඇහැරවපු තරහ තියන නිසා.
"ඔරවන්න එපා මැණිකේ..ඔයාට දවල්ට කන්න හම්බුණෙත් නැති නිසානෙ මම ඇහැරවලා කන්න දුන්නෙ. මගෙ චූටියා බඩගින්නෙ ඉන්නවට ආස නෑනෙ මං...ම්ම්ම්"
.
.
.
.
.
.ඉම්මෝසනල් ඩැම්මේජ්.
.
.
.
.
.
.
විරාන් බොසාගෙ කතාවට පොඩි ඇට්ටරයගෙ හිත අස්ස නිකන් කොනිත්ති ගැහුව වගේ පොඩි එකක් උනාලු ඈ. හැබැයි තියන ඇට්ටරකමට මූ නෙමේ නිකමට ඒක පෙන්නුවෙ. කොහොම උනත් ඇඳෙන් බැහැල ගස්සගෙනම විරාන් ගාවට ගියා ඉතින්."ඉතාලිවල නම් මේ දවස්වල හොඳටම සීතලයි චූටි. අනික අද මෙහෙ ටිකක් හුළඟ. ඒ නිසා ලෑන්ඩිං පොඩ්ඩක් අමාරු වෙයි. ඔයාට මුකුත් uncomfortable ගතියක් තියේ නම් කියන්න හොඳද?
පොඩි හරි අමාරුවක් තියේ නම් හිත හිත ඉන්න බෑ මට කියන්න ඕනෙ රයිට්. මේක අදට විතරක් නෙමේ හැමදාටම එක්ක මම කියන්නෙ. මම ආවෙ මොන දේට උනත් චූටි මට හැමදේටම වඩා අංක එක මගෙ චූටි හරිද?"
නිකිල්ව පොඩි පැන්ඩා බබෙක් ගානට සීතලෙන් ආරක්ෂා වෙන ඇඳුම් වලින් කවර් කරල අන්තිමට බෙල්ල වටෙන් ස්කාර්ෆ් එකක්කුත් බැඳල ඉවර වෙලා විරාන් ඔය ටික කීවෙ නිකිල්ගෙ ඇස් දෙක දිහාම බලාගෙන.
ඒත් එක්කම තමයි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න යන්නෙ කියන මැසේජ් එක ඇහුණෙ. ඒ නිසා නිකිල්ට කියාගන්න ඕන උන මුකුත් විරාන් එක්ක කියාගන්න බැරි උනා. අනි අතට ඒ වෙලාවෙ වචන ගලපගන්න තරම් මෙව්ව එකක් පොඩි එකාට තිබ්බෙත් නෑ.
*******************************
පැය නවයකට කිට්ටු වෙන්න ගුවන් ගමනක් ඉවර කරල විරාන්ලගෙ පෞද්ගලික ගුවන් යානය ඉතාලියේ Turin නගරය වලට ආවා අන්තිමට.. ඉතින් අද ඉඳන් මේ යුරෝපයේ බලවත්ම රාජ්‍යයක් උන ඉතාලියේ අවුරුදු 10කට පස්සෙ ආයෙම දිගඇරෙන්න යන්නේ විරාන්ගෙ ජීවිතේ ඊලඟ චැප්ටර් එක..අනික් අතට නිකිල්ගෙ ජීවිතේ වෙනස්ම පිටුවක් පෙරලෙන්න හදන්නෙ..ඒක කොහොම වෙයිද කියල පොඩ්ඩක්වත් අනුමාන කරන්න බැරි වෙද්දි නිකිල් නම් කලේ ගැඹුරු හුස්මක් පල්ලෙහාට දාල වේගෙන් ගැහෙන තමන්ගෙ පපුව ය්නතම් හරි සන්සුන් කර ගන්න ට්‍රයි කරපු එක.
![](https://img.wattpad.com/cover/367176964-288-k542182.jpg)
YOU ARE READING
Fierce Love: Taming the Gang Leader's Heart
Non-Fictionරහස් ගොඩක් හැංගුණු ගුප්ත ජීවිතයක් ගත කරන සර්විස් සෙන්ටර් එකක් කරගෙන යන තරුණයෙක්... ආදරයම විතරක් ජීවිතේට හොයන අහිංසකම ලස්සන කොලු ගැටයෙක්... එයාලගෙ ජීවිත ඇතුලෙ මොනව වෙයිද??? 💜️ මොන වගේ රහස් හැංගුණ ජීවිත වෙන්න ඇතිද මේ? Start - 2024/04/16 End...