66: උඹ පරිස්සම් වෙයන්

595 131 107
                                    

කමෙන්ට් ගෝල් 50

සෙනේෂ්ගෙයි මනෝහරගෙයි වීඩියො එක ලීක් උනායින් පස්සෙ නටාලියා සෙනේෂ් එක්කලා තොඳොල් වෙන්න ඇවිත් , ඒ ගමනම සෙනේෂ් ගෙනුයි අහර්ශගෙනුයි අහාන තද වෙලා ගියපු දවස!! එදා මනෝහර නාන කාමරේ උන්නු වෙලාවේ ඒකී සෙනේෂ්ව හොයන්න එබිලා තිවුනා වගේම ඒකිට මනෝහර කිඳුරු ස්වරූපයෙන් උන්නු සිරුර ඇහැ ගැටුණු විත්තියක් සෙනේෂ්වත් වෙන එකක් තියා මනෝහරවත් අනුමාන කලේ නැතුවා.

සෙනේෂ් ලගේ කෙරුවාව ගැන හොයන්න දාපු නටාලියා ජේන් වෙච්චි ඒකි ඒ වග ඇමතිකාරයාගෙ කනේ තිව්වේ එලියට ආ ගමනම. ආස්රූ මුතු අහු වෙච්චි සිද්දි එක්කලා සේරම කරුණු ගලපලා බලලා අවසානේ ඇමතියා නිගමනේට ඇවිල්ලා උන්නු වෙලාවකයි කින්නර රාජධානියක් හොයාන ගියපු වෙලාවෙ අර්නව්ව මුන්ට කොටු උනේ. ඒ ගමනම නටාලියා ගෙ කතාව ඇමතියාට තහවුරු වෙලා තිවුනා.

මේ වග එකින් එක කියනකොට සෙනේෂ් මනෝහරව තමන්ට තුරුලු කරගෙන නටාලියාට රවාන බලාන උන්නා. මනෝහර ගැහි ගැහී සෙනේෂ් ගෙ පපුව මත්තෙම දැවටුනා.

' එහෙනම් නටාලියා... රොඩී කුලේ ඇත්ති. මම අම්මණ්ඩීයි , තවේෂ් එක්කලා නාඩගම් නටන්න තැනුව ගැටිස්සි. නිළමේ ඇත්තන්ට පාවලා දුන්නු තැනැත්ති.... මේකි මූනෙ උලලා තියන මැටි තලියෙ හැටියට මට මේ ආත්මේ මේකිව අඳුනා ගන්න බැරි වෙච්චි එක අහන්නත් දෙයක්ද? එතොකට.... වරුණ දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ, අයේෂා දෙව්දූ... පෙර ආත්මේට ඒ හැටිම මේ සිද්ධි සමානයි නොවැ. එතකොට.....?'

මනෝහර සෙනේෂ් ව තද කරලා වැලඳ ගත්තෙ හැම එකාලාගෙන්ම ඒකාව ආරක්ෂා කරන ගානට.

'අතීතය ආයෙම සිද්ද වෙලා මයෙ මහත්තයා නැති වෙනවා නම් , මනෝහරත් ඒ එක්කලාම මැරිලා ගියාවේ ඔන්න...!!'

ඒකා ඇමතිකාරයාට ඔරෝගෙන බලනකොට සෙනේෂ් නටාලියා දිහා බලලා අහක බලා ගත්තා. මොන ජාතියෙ චරිතයක් ඒකිට තිවුනත් ඒකි තමන්ගෙයි , මහචාර්යගොල්ලෝගෙයි ඔත්තු බලන්න ගෙදර අස්සට පාත් වෙච්චි එකියක් විත්තිය සෙනේෂ් කොයි මොහොතක වත් අනුමාන කලේ නැතුවා.

සෙනේෂ් මනෝහර දිහා ඩිංගක් වෙලා බලාන උන්නු ඇමතියා සංඥාවක් දෙනකොට ඒකාගෙ හෙංචයියෙක් මනෝහරව සෙනේෂ්ගෙ තුරුලෙන් ඇදලා ගත්තේ මනෝහර ඒකාගෙ තුරුලට ගුලි වෙන්න අඬු බඬු විසි කර කර තනනකොට.

_මනෝහර_  (completed) Where stories live. Discover now