"හා හා හා 🤣🤣. හරි ඇත්තටම උඹව එපාලු යශ්ට. "
වරුත්ගේ ටකරං කටහඬ ඇහුනම නම් අශ්වරට හොම්බ තලන්න හිතුනා ඒත් ඒක පාලනය කරගෙන කෑම එක කන්න තරම් හිතේ හයියක් අශ්වරට තිබුණා.
"උඹ පස්සෙන් අවුරුදු දෙකක් හරි එන්න තරම් හිත හයිය තිබ්බ එකම මනුස්සයා වෙන්න ඕන. අර යුමිල්‍යාත් අවුරුද්දෙන් අතුරුදහන් උනා"
ආපහු වරුත් කිවුවා.මේ පාර නම් යකා නැගපු අශ්වර නැගිටලා නොකාම යන්න ගියා.
"හෙහ් හිත රිම්දිලා කොලුවගේ."
වරුත් යසස් දිහාම බලාගෙන හිටියා. මොකද වරුත්ට අනුව නම් මේ හිටපු යසස් වෙන්න බෑ. ඒත් එක්කම යසස් ගාවින් ඇවිත් පුරුදු මූණක් වාඩි උනා. ඒ වෙන කවුරුත් නෙවේ. Prime minister ගේ බාලම පුතා. මූනේ තියන නපුරු කමට වගේම තනියම ඉන්න එක ගැන ප්‍රසිද්ද කෙනෙක් තමා නිම්න අනුහස් බාලසූරිය කියන්නේ
(නිම්න)
"අර බාලසූරියා මොකද යශ් ගාව කරන්නේ.ආහ් නෑ නෑ යශ් තමා සූරියා හැමදාම වාඩි වෙන එකේ වාඩි උනේ. හෑහ් දෙන්නා කතා කරනවා නේද? හ්ම්ම් නරකම නෑ හැබැයි බාලසූරියාගෙයි අපේ අශ්ගෙයි වෙනසකට තියෙන්නේ මූණ විතරයි.දෙන්න එකම කාසියේ දෙපැත්ත වගේ."
වරුත් ටිකක් වෙලා බලාගෙන ඉඳලා කෑම කන්න ගත්තා.
.........................................................................
"මොකෝ තමුසෙගෙ ටකරං කට වැහිලා"
යශ්ට ඇහුණේ පුරුදු කටහඬක්.
"හහ්?? මගෙ කට??"
"ඔව් වෙනදට කියවන එකනේ වැඩේ ඔක්කෝ කාට හරි බනිනවා"
"ආහ් ඒක by the way I am යසස්"
"ම්ම්ම් I know and I am නිම්න"
නිම්න එයාව හඳුන්වලා දුන්නා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...