"යසස්!! ඔයා මොනාද මෙතන කරන්නේ?"
යසස් එක අතකින් මූන වහගන්න ට්රයි කරත් ඒක වැඩක් උනේ නෑ.
"අහ් මේ පොඩි accident එකක් උනානේ හ හා. "
යසස් ලැජ්ජාවෙන් කිවුවා.
"මොකක්ද උනේ? මම ඔයාව දාලා ඇවිත් තාම පැයක්වත් උනේ නෑනේ"
යසස් ඔලුව කසන ගමන් මෝඩ හිනාවක් එක්ක කල්පනා කරේ මේක පැහැදිලි කරන්නේ කොහොමද කියලා.
"අම්ම්ම් මෙහෙමයි.ඔයා මට ඔයාගේ කාඩ් එක දුන්නනේ. ඉතිං එතන තිබ්බ රෙඩ්වයින් එක පුදුම රසක්. මම තව ග්ලාස් තුන හතරක් ඕඩර් කරා. ඊට පස්සේ එද්දි මට පඩිපෙල ටිකක් දෙක තුන වෙලා පෙනුනා ඉතින් මම වැටුනා.දාගෙන හිටපු උස ශූස් දෙක නිසා කකුල පෙරලුනා ඉතිං දැං මම මෙතන wheel chair එකක "
යසස් පුලුවන් තරම් කෙටියෙන් උන දේ පැහැදිලි කරා.ඒත් එක්කම අශ්වර එයාගේ ෆෝන් එක සාක්කුවෙන් එලියට ගත්තා.
"හලෝ අල්විස් අංකල් කාර් එකකුත් අරගෙන එනවද හොස්පිටල් එකට ටිකක්.මට මගේ යාලුවෙක්ව ගෙදර යවන්න තියනවා."
එහෙම කියපු අශ්වර ෆෝන් එක කට් කරා.
"හරි ඔයා ඇතුලට යන්න මම යුමිල්යාව කාර් එකට දාලා ඉක්මනට එන්නම්"
"අනේ අශ් ඔයා මාව තනියම යවන්නද හදන්නේ?"
යුමිල්යා දුකෙන් ඇහුවා. ඒක බොරුවට පෙන්නපු දුකක් නෙවේ යුමිල්යාට ඇත්තටම දුක හිතුනා.
"යුමිල්යා ඔයාට අසනීප උන වෙලාවේ මම ඔයාව එක්කගෙන ආවනේ.ඒත් දැං යසස්ට බෙහෙත් ගන්න එපැයි"
පොඩි එකෙක්ට පැහැදිලි කරනවා වගේ අශ්වර කිවුවා.
"අශ්වර අයියේ ඔයා යුමිල්යාව අරගෙන යන්න මම යශ්ව බලාගන්නම්"
අශ්වර රවලා නිම්න දිහා බැලුවා.එක පාරම ඒ රැවිල්ල හිනාවකට වෙනස් උනා .
"නිම්න මම අශ්වරව එක්කගෙන යන්නම්.මම කොහොමත් ගෙදර යන එකනේ. "
එහෙම කියපු අශ්වර යුමිල්යාවත් එක්කගෙන හොස්පිටල් එකෙන් එලියට ගියා.ඒ අතරේ නිම්න යසස්ව ඩොක්ටර් ගාවට එක්කගෙන ගියා.යසස් ඇතුලට යද්දිම ඩොක්ටර් හිනාවකින් යසස්ව පිලිගත්තා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...