යසස් කිසි ගානක් නෑ වගේ යුනිය අස්සේ ඇවිද්දා. එක එක අයගේ එක එක විදිහ බැල්මවල් යසස්ට අදාල උනේ නම් නෑ.
"මොකක්ද දැං අර වීඩියෝ එකේ තේරුම "
යසස්ට අඩියක් විතර පිටිපස්සෙන් ඇවිදගෙන ආපු නිම්න ඇහුවා.
"ආහ් මම ඊයේ එතන apartment එකෙන් අයින් උනා. මම මගේ කී ටැග් එක ඒ හරියක දාලා ඇවිත් අශ්වර ඒක මට දුන්නා එච්චරයි"
ලන්ච් එක බෙදා ගන්න ගමන් යසස් පැහැදිලි කරා. ඒකත් අහගෙනම යසස් , නිම්න දෙන්නා ගිහින් කොනේම තියන මේසේ වාඩි උනා. හැබැයි දෙන්නම එතනින් ඇවිත් වාඩි උන අලුත් අමුත්තව බලාපොරොත්තු උනේ නෑ.
"Hi good morning "
ඒ සුපුරුදු උද්දච්ච කටහඬින් එයා කිවුවා.
"Senior ඔයා මොකද මෙතන කරන්නේ"
යසස් ටිකක් නුරුස්සන විදිහට ඇහුවා.
"මට ඕන තැන තමා මම වාඩි වෙන්නේ "
එහෙම කියපු අශ්වර යසස් ගාවින් වාඩි උනා.
"හ්ම් ඔයාගේ කැමැත්තක් මට අදාල නෑ"
"ඒක නෙවේ නිම්න. අර අලුත් assignment එක අපි කරන්නේ film major එකේ ලමයි එක්ක එකතු වෙලා නේද?"
"හ්ම්ම් ඔව් මේ අවුරුද්දට දෙවනි එක ඒ. හහ් එපාම වෙන දේ ඔය සෙට් එක එක්ක වැඩ කරන එක"
නිමන, යසස් දෙන්නා අශ්වරට කිසිම අවදානයක් නොදී කියවන්න ගත්තා.
"ඒ ඒ මාව දාලා ඔයා වෙන තැනකින් වාඩි වෙලානේ"
වරුත් ඇවිත් නිම්න ගාවින් වාඩි වෙන ගමන් කිවුවා.
"බලන්න ඒයි මෙයා මාව මගාරිනවා හුම්ම්.හරිම නරකයි"
නිම්න පැත්තට හැරුණ වරුත් දුක හිතෙන මූනක් හදාගෙන කිවුවා.නිම්න ලාවට ටිකක් හිනා වෙලා අහක බලාගත්තා.
"Senior ඔයා දන්න film major එකේ වැඩ කරන්න ලේසි friendly යාලුවෝ ටිකක් ඉන්නව නම් අපි දෙන්නට සෙට් කරන්නකෝ"
වරුත් යසස් දිහා බලලා කපටි හිනාවක් දැම්මා.
"ම්ම්ම්ම් යාලුවෝ නේද? හැහ් පොඩ්ඩක් ඉන්න මට film major එකේ යාලුවෝ ඉන්නවා කියලා ඔයා කොහොමද දන්නේ"
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
Ficção Geral"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...