Part 16

93 18 3
                                    

යසස්ව hospital එකට ඇඩ්මිට් කරපු ගමන් අශ්වරට ඕන උනේ යසස්ගේ පවුලේ කාට හරි කතා කරන්න.ඒත් අශ්වර ගාව තිබුනේ ශෙනාල්ගේ බිස්නස් නම්බර් එක විතරයි.ඒ නිසාම අශ්වර ඒකට කෝල් එකක් ගත්තා.

එලියෙන් කොච්චර සන්සුන් වගේ පෙනුනත් අශ්වරගේ අත් එයාටත් නොදැනීම වෙවුලන්න පටං අරගෙන තිබ්බා.

"හලෝව් mr.shenal's assistant here"

ෆෝන් එකෙන් ගරුසරු සහිතව ගෑනු කෙනෙක්ගේ කටහඬක් ඇහුනා.

"අහ් ම මම අශ්වර ශවේන්ද්‍ර. මම හිතනවා ඔයා මාව දන්නවා කියලා.

"ඔහ් ඔව් ඔව් අනිවාරෙන්ම mr.අශ්වර. ඔබතුමාට මොකක්ද අපෙන් වෙන්න ඕන"

"මට මේ දැන්මම ශෙනාල්ට කතා කරන්න ඕන.මම දං ඉන්නේ හොස්පිටල් එකේ යසස්ව හොස්පිටල් ඇඩ්මිට් කරා"

"ඔහ් හරි සර් මම දැන්මම මේ කෝල් එක ශෙනාල් සර්ට connect කරන්නම්"

තප්පර කීපයක් යද්දිම අශ්වරට ශෙනාල්ගේ කටහඬ ඇහුනා.

"හෙලෝ ශෙනාල් speaking "

"Hello ශෙනාල් මම අශ්වර. යසස්ව හොස්පිටල් ඇඩ්මිට් කරා.ඔයාට එන්න පුලුවන්ද?"

"හහ්?? මොන හොස්පිටල් එකේද?"

ශෙනාල්ගේ කටහඬේ තිබ්බ කලබලේ අශ්වරට හොඳටම තේරුනා.

"City hospital එකේ ඉන්නේ කලබල වෙන්න දෙයක් නෑ. බරපතල දෙයක් නෙවෙයි"

අශ්වර ටිකක් ශෙනාල්ව සන්සුන් කරන්න ඕන නිසාම කිවුවා.

"හරි මම මේ දැන්මම එනවා"

ඒත් එක්කම ශෙනාල් ෆෝන් එක කට් කරා.

ඩොක්ටර් යසස්ව චෙක් කරනකල් අශ්වර එලියෙන් වාඩිවෙලා හිටියේ හරිම කලබලෙන්. ඒත් එක්කම එයාට මතක් උනේ university festival එක දවසේ යසස් අතේ තිබ්බ ලේ දැකලා panic attack එකක් ආපු හැටි.අද දැක්කෙ බොරු ලෙ තමා.ඒත් සමහර විට ඒක එයාට දරාගන්න බැරි උනාදෝ කියලා අශ්වරගේ හිත වද වෙන්න ගත්තා.

ඒත් එක්කම ඩොක්ටර් රූම් එකෙන් එලිය ආවා.

"ඩොක්ටර් යසස්ට ප්‍රශ්නයක් නෑ නේද?"

"අම්ම් ප්‍රශ්නයක් නම් නෑ මිස්ටර් අශ්වර. මොකක් හරි ශොක් එකක් නිසයි faint වෙලා තියෙන්නේ.ඔයාට අදහසක් තියනවද මොකක්ද උනේ කියලා"

Time travelled Villain(sinhala Bl) Where stories live. Discover now