අශ්වර යසස්ව දාලා යන්න ගියත් මොකක්දෝ දෙයක් එයාගේ හිතට වද දෙන්න ගත්තා.
යසස් කියන්නේ හැම වෙලාවකම හිනා වෙලා හිටපු කෙනෙක්. හැම වෙලාවකම ලොකු කමෙන් හිටපු කෙනෙක්.ඒ වගේම උද්දච්ච කෙනෙක්.එහෙම කෙනෙක්ගේ මූණේ අමුතු විදිහේ අසරණ කමක් දැක්කම අශ්වරට ඒක අමුතු විදිහේ interest එකක් දැනුනා.හරියට ඒ මූණේ ලාවට වේදනාවක් තියන එක අශ්වර enjoy කරා වගේ.
ඒ නිසාම ආපහු හැරිලා යසස් හිටපු පැත්තට අශ්වර ඇවිදගෙන ගියා.අශ්වරට හිතුනා අනිවාරෙන්ම යසස් යන්න ඇත්තේ වොශ් රූම් එකට කියලා.
දොර ඇරලා ඇතුල බලද්දිම දැක්කේ බිම වාඩි වෙලා තමන්ව බදාගෙන යසස්ව.
"හ්ම්ම් මම හිතුවේ කියවපු විදිහට වැඩේ තනියම කරගන්න පුලුවන් කියලා."
යසස් ඒත් ඔලුව උස්සලා අශ්වර දිහා බැලුවේ නෑ.අශ්වර හිතුවේ දැං යසස් දිහා බලන්නවත් අකමැති නිසා එයා දිහා නොබලා ඉන්නවා කියලා.ඒත් ඇත්ත ඊට වඩා ගොඩක් වෙනස් උනා.
Flashback.......
යශ් එදා ගෙදර ගියේ ගොඩක් දුකෙන් වගේම වේදනාවෙන් මොකද අද අයියා තාත්තා හුඟක් මහන්සි වෙලා ගොඩනගපු ඒ company එක නැත්තටම නැති වෙලා ගියා.කොටින්ම අද හෙට උනත් තාත්තව පොලීසියෙන් ඇවිත් ඇදගෙන යන්න පුලුවන් තත්වයක් දැං ඇවිත් තියෙන්නේ.
මේ හැමදේම යශ්ගේ වැරදි. යුමිල්‍යාව පැහැරගන්න දුන්න drug එකක් නිසා යුමිල්‍යාගේ බඩේ හිටපු දරුවා නැති උනා.ඒ වගේම ඒ නිසාම යුමිල්‍යා කිහිප වරක්ම සියදිවි නසාගන්න ගියා.
ඒ දේවල් වලින් වෛර බැඳගත්ත අශ්වර යශ්ගේ තාත්තගේ කම්පැනි එක විනාස කරලා දැම්මා.යශ් හොඳින්ම දැනගෙන හිටියා මේ හැමදේම එයාගේ වැරැද්ද කියලා.
යශ් ගෙදර එද්දි මුලු ගෙදරම කලුවරට තිබ්බේ කිසිම ලයිට් එකක් නොදා තිබුණ නිසාමයි.
"අම්මී... තාත්තී ඔයාලා කොහෙද?"
හිමින් හිමින් අඩිය තිය තිය යශ් ගෙදර ඇතුලට ආවා.කලුවර නිසා ලයිට් එක දැක්ක ගමන්ම යශ් දැක්කේ කේ විලක් මැද වැටිලා මැරිලා ඉන්න අම්මයි, තාත්තයි.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
قصص عامة"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...