යසස් ආපහු පාටි හෝල් එකට ආපු වෙලාවේ ඉඳන් හිටියේ වෙනම මිශන් එකක.
අර නාකි ගෑනිට මොකක්ම හරි කරන්න ඕන කියලමයි යසස්ගේ හිත එයාට කිවුවේ.
"ඒහ් උඹලා දෙන්නගෙන් පොඩි උදවුවක් ඕන මට"
යසස් මිරේන්ටයි ආකාශ්ටයි කිවුවා.
"මොකක්ද? හ්ම්ම් මූනේ හැටියට නම් නසරානි වැඩක් වගේ"
ආකාශ් කිවුවා.
"අන්න අර නාකි ගෑනිව නෝන්ඩි කරන්න විදිහක් හිතපල්ලකෝ"
"You have money yash"
මිරේන් කිවුවා.
"Soo. ඒකෙන් මට මොකක්ද කරන්න කියන්නේ"
යසස් ඇහුවා.
"ඔය වටපිටාවේ ඉන්න ව්‍රෙටර් කොල්ලෙක්ට සල්ලි දීලා ඔය අරංයන ශැම්පේන් බන්දේසියක් වත් හලන්න කියන්න."
මිරේන් කිවුවා.
"හ්ම්ම් දැනට ඒක ඇති තමා මට මේ තරහ නිවාගන්නයි ඕන"
යසස් ඉක්මනට එතනින් ගිය වේටර් කොල්ලෙක්ව අල්ලගත්තා.
"ඒහ් මල්ලි පොඩි වැඩක් කරන්න පුලුවන්ද?
යසස් ඇහුවා .
"මොකක්ද සර්"
"මම ඔයාට ඔයාගේ අවුරුදු දෙකක පඩිය වගෙ ගානක් මේ දැං අතට දෙනවා.ඒ වෙනුවට අන්න අර නිපල් දෙක බොහොම අමාරුවෙන් අස්සට දාගන්න පුලුවං රතුපාට ගවුමක් අඳං ඉන්න ගෑනිගේ ඇඟට ඔය ශැම්පේන් එක වට්ටන්න පුලුවන්ද?"
ඒ වේටර්ගේ මූනේ කපටි හිනාවක් ඇඳුනා.
"හ්ම්ම් ඕකේ සර්. මම මේ දැන්මම කරන්නම්. "
ඇත්තටම ඒ වේටර් එකෙන්ම කැමති උනේ.මීට ටික වෙලාවකට කලින් කැතරින් ඒ වේටර්ට පහත් විදිහට බැනපු නිසාමයි .
යසස් පාඩුවේ ශැම්පේන් එක තොලගාන ගමන් බලන් ඉන්න අතරේ ඒ වේටර් සාමාන්‍ය විදිහට ඒ වටපිටාවේ ඩ්‍රින්ක්ස් බෙදන්න ගත්තා. කැතරින් වේටර්ගේ පිටිපස්සෙන් ඉද්දී වේටර් එක පාරම පිටිපස්ස හැරුනේ මුලු ශැම්පේන් ට්‍රේ එකම කැතරින්ගේ ඇඳට හලන ගමන්.
"ආ.. හ් තමුසේ දන්නවද මේ ඇඳුම කොච්චර ගනන්ද කියලා.ආ...හ්"
එහෙම කිය කිය දඟලපු කැතරින් ශැම්පේන් වල ලිස්සලා මේසෙත් පෙරලෙගනම බිම වැටුනා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
Fiction générale"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්‍රාර්තනාව ඒක. ...