Part 9

127 30 16
                                    

මේ අතරේ නිම්න දෙන්නගේ assignment එකට ඕන කරන කට්ටියව හොයාගෙන තිබ්බා. Film major එකෙයි acting major එකේ අයටයි එකට එකතු වෙලා විනාඩි විස්සකට අඩු චිත්‍රපටයක් හදන එක එයාලගේ assignment එක උනා.

එක මාතෘකාවයි තියෙන්නේ. මේ වෙනවිට සමාජ කතා බහට ලක්වන හෝ නොවන සමාජීය ප්‍රශ්නයක් ගැන මේ පුංචි චිත්‍රපටිය ඇතුලේ කතා කරන්න ඕන. පිටපත ලියන්න major දෙකේම අයට එකතු වෙන්න පුලුවන්.

යුනිවර්සිටි එක මැද්දට වෙන්න තියන ලොකු අඹ ගහ යටට මේ වෙද්දි හැමෝම එකතු වෙලා හිටියා.

"හරි එහෙනම් අපි කට්ටියව අඳුරගමු නේද?"

යසස් හැමෝටම ඇහෙන්න කිවුවා.

"මගේ නම යසස් ප්‍රභාශ්වර. මම acting major එකේ.2nd year එක"

යසස් වාඩි උනාම නිම්න නැගිට්ටා.

"මම නිම්න අනුහස් මාත් acting major එකේ. 2nd year"

"මම කෙනුර සහස්. මම film major එකේ. මම තමා මේකේ director "

කෙනුරට තිබ්බේ ලස්සන හිනාවක්. ටිකක් දිග ඹුරු ඇස්, දුඹුරු කොණ්ඩේ වගේම නරි පැටියෙක්ගේ වගේ මූණක් එයාට තිබ්බා. හිනා වෙද්දි චූටි වෙන ඇස්  ඒ වගේම හිනා නොවී ඉද්දි ටිකක් නපුරු පාටට පේන මූණක් එයාට තිබ්බා.ලාවට වල ගැහෙම කම්බුල් කෙනුරට අමුතුම හුරතල් පෙනුමක් ගෙනාවා.

ලාවට වල ගැහෙම කම්බුල් කෙනුරට අමුතුම හුරතල් පෙනුමක් ගෙනාවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කෙනුර)

"හායි මගේ නම අහස්‍ය හේශාන්. මම තමා මේකේ mic,voice පැත්ත භාරව ඉන්නේ.තේරෙන්න කියනව නම් අර මයික් එක තියන දිග පොල්ල අල්ලන්නේ වගේම තව ඕන කරන එක එක sounds record කරන්නේ මම තමා"

අහස්‍යට ඝන ඇහිබැම් වගේම තද දුඹුරු හීනි අස් දෙකක් තිබ්බා.ලාවට ක්‍රේල් ගතියක් පේන කොණ්ඩේ වගේම සම්පූර්ණ පිරිපුන් තොල් නිසා අහස්‍යට ලස්සන පෙනුමක් තිබ්බා.හැබැයි කොච්චර ලස්සන උනත් කණ්ඩායමේ ඉන්න පිස්සුම කොල්ලා නිසා අහස්‍යව දැක්ක ගමන් කට්ටියට හිනා යනවා. යසස්ට නම් හිතුනේ කවදාවත් වරුත්වයි අහස්‍යවයි එක තැන තියන්න හොඳ නෑ කියලා. හැබැයි යසස් දැනගෙන හිටියේ නෑ මේ පිස්සු ඩබල කසින්ස්ලා කියලා.අහස්‍ය කියන්නේ වරුත්ගේ බාප්පගේ පුතා.

Time travelled Villain(sinhala Bl) Where stories live. Discover now