නිම්නට මතක නෑ එයා කොහොමද යශ්ට කැමති උනේ කියලා. සමහර විට ඒක යශ්ව හම්බ උන දවසේ ඉඳන් ටික ටික ඇතිවෙන්න ගත්ත දෙයක් වෙන්න ඇති.
අශ්වරගේ අතින් යසස්ව accident උනාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හිටපු යසස්ව දැක්කම මුලින්ම නම් නිම්නට දැනුනේ අනුකම්පාවක්.ඒ නිසාමයි එයා පාඩුවේ පැත්තකට උන යසස්ට කතා කරන්න හිතුවේ. ඒත් ඒ කතාව මෙච්චර දුර යයි කියලා නිම්න කවදාවත් හිතුවේ නෑ.එයයි යසසුයි සම්පූර්ණයෙන්ම වෙනස්.නිම්න වැඩිය කතා බහක් නැති එයාගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්.ඒත් යසස් හැම වෙලාවෙම කියවන, නිම්නට හිතාගන්න බැරි තරම් පිස්සු energy එකක් තියන කෙනෙක්.
ඉතිං opposites attract කියනවනේ.ඒ වගේ නිම්න යසස් පැත්තට ඇදෙන්න ගත්තා. ඒ අතර තමංගේ හිතට එහෙන් මෙහෙන් ඇනලා බලන්න වරුත් එයි කියලා නිම්න හීනෙකින් වත් හිතුවේ නෑ.
ආපු මුල් කාලේ ඉඳන්ම වරුත් නිම්න දිහා හොරෙන් බලාගෙන ඉන්නවා නිම්නට අහු වෙලා තියනවා.ඒත් වරුත් කවදාවත් එයාට කතා කරන්න ආවෙ නෑ.ඒක ගැන ඇත්තටම නිම්නට සැනසීමක් දැනුනා මොකද එයා කතා කරන්න අකමැති නිසා.ඒත් ඒ සැනසීමයි කියලා හිතපු දේ මෙච්චර ඉක්මනට නැති වෙන්න යනවා කියලා නිම්නට තේරුනේ වරුත් එයාගෙන් ඩේට් එකකට යන්න අහපු දවසේ. ඒත් ඇත්තටම එයාගේ හිතට එකඟව පිලිගත්තොත් ඒක එයා හිතපු තරම්ම කරදරේකුත් නෙවෙයි.නිම්න නිදහසේ ඉන්න හදනකොට වරුත් එයාට කරදර කරන්නේ නෑ සද්දෙ නැතුව එයාගේ එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්නවා විතරයි.නිම්නට බඩගිනි මොන වෙලාවටද,තිබහා මොන වෙලාවටද කියන එක නිම්නට කලින් වරුත් දැනගෙන හිටියා.ඒ හැමදේම ඕන වෙන හැම වෙලාවකම නිම්න හිතන්නත් කලින් එයා ගාව තිබ්බා.මේ මාසෙට දෙකට නිම්නටත් නොදැනිම එයා දේවල් වලට හුරු උනා.ඒත් ඒ මොනා උනත් නිම්නගේ හිත ගියේම යසස්ගේ පැත්තට.ඒ හැමදේම දරාගෙන වරුත් එයා ගාවින් හෙලවෙන්නේ නැතුව ඉන්න එක ගැන නිම්නට වෙලාවකට පුදුමත් හිතුනා.
හැමදාම නිම්න නැගිටින්න කලින්ම එයාට එන good morning පනිවිඩය, නිදාගන්න කලින් එන good night පණිවිඩය. නිවාඩු දවසක් නම් වේල් තුනටම කෑවද? කියලා අහන පණිවිඩය. මේ කිසිම එකක් එකම එක පාරක්වත් වරුත් අමතක කරේ නෑ.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...