නිම්න එයාගේ ගෙවල් වලට ලංවෙන්න වෙන්න තියන හැම බස් හෝල්ට් එකක් දිහාම බලාගෙන ආවේ වරුත් ඉන්නවද බලන්න.එකක් පහු වෙද්දිම නිම්න දැක්කා අත් දෙකෙන්ම ඔලුව බදාගෙන බස් හෝල්ට් එකේ බංකුවට වෙලා ඉන්න වරුත්ව.
ඉක්මනට කාර් එක එතනින්ම නවත්තපු නිම්න වරුත් ගාවට දුවගෙන ගියා.
"වරුත්!! වරුත්!!"
"හ්ම්ම්ම්ම්හ්හ්"
වරුත් මොනාද නොතේරෙන විදිහට කියවන ගමන් නිම්න දිහා බැලුවා.
"නැගිටින්න අපි යමු. කෝ වාහනේ ඔයාගේ"
"ආ..හ් ඔයා මොනවද මෙත්තන කරම්නෙහ්.මාව තනියම එවුවනෙහ්. තහ්මුසේ මහ දුශ්ටයි ඕයිහ්"
වරුත් වචන ඇද ඇද කියවන්න ගත්තා.
"හරි හරි දැං එන්න යන්න.අශ්වර මාව පොරොන්දු කරගෙන එවුවේ ඔයාව පරිස්සමට ගෙදර දාන්න කියලා"
වරුත් එක පාරම එයාගේ ඇඟේ තිබ්බ නිම්නගේ අත ගසලා දැම්මා.
"හහ් ඒ කියන්නේහ් ඔයාහ් ආවෙ අශ්වරගේ ක් කීමට නෙහ්"
"වරුත් තමුසේ පිස්සු නටන්නේ නැතුව එනවද නැද්ද?"
වරුත් නිම්නගේ අත හැම පාරකම ගසලා දැම්මේ නිම්නව තරහ ගස්සන ගමන්.එක පාරම නැමිලා වරුත්ව උස්සලා ගත්තේ නිම්නගේ ඉනෙන් උඩ කඳ උරහිසෙන් පිටිපස්සට වැටෙන විදිහට.
"අනේ මාව බිමින් තියනවා. මෙන්න kidnap කරනෝ... මාව බේරගනියෝ"
එක පාරම වරුත් කෑ ගහන්න පටං ගත්තා.
"කට වහනවා වරුත් තමුසේ මාව හිරේ යවන්නද හදන්නේ"
"බේරගනියෝ...."
එක පාරම චටාස් ගාලා පස්සට වැදුන පාරට නම් වරුත්ගේ ඇස් වලින් කඳුලුත් පැන්නා.
"තමුසේ මට ආදරේ නෑ විතරක් නෙවෙයි.බඳින්න කලින් ගහනවත් එක්ක හුවෑ......හ්. දුශ්ඨ බාලසූරියා."
නිම්න අඩිය ඉක්මන් කරලා ගිහින් වරුත්ව කාර් එක අස්සට දාලා සීට් බෙල්ට් එකත් තද කරලා වාහනේ ඇතුලට නැග්ගා.
"හෙට උදේට ප්රවෘති වලට අගමැති පුතු පුද්ගලයෙකු පැහැරගනී කියලා ගියොත් එහෙම මම තමුසෙගේ කස් ගහ ගහ ගානේ ගලවනවා වරුත් . අනික ඔයාට කවුද කිවුවේ මම අගමැති නිල නිවසේ ඉන්නේ කියලා.මෝඩයිනේ මහ"
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
Genel Kurgu"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...