"යසස් මට යන්න වෙනවා.ඔයාගේ මැනේජර් එයි ඔයාව එක්කගෙන යන්න.මම ඇඳුමක් එලියෙන් අරන් තිබ්බා ඔයාට. වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා ඉන්න"
"හ්ම්ම් හරි හරි මම ලෑස්ති වෙලා ඉන්නම්. ඔයාගේ කොන්දේ තෙල් බෙහෙත් ටිකක් වත් ගා ගන්න සෝෆාවේ දෙකට නැවිලා නිදාගෙන රිදෙනවා ඇතිනේ. බායි එහෙනම්"
යසස් ඇඟමැලි කඩන ගමන් කිවුවා.අශ්වර මොකුත් නොකියා විරිත්තලා කාඹරෙන් එලියට ගියා.තව ටික වෙලාවක් හොඳට නිදාගත්ත අශ්වර පැයකට පස්සේ ඇහැරුනා.හිමීට හිමීට බාත් රූම් එකට ගිය යසස් අශ්වර තෝරලා තිබ්බ ඇඳුම ඇඳ ගත්තා.අලු පාට ස්වෙටර් එකක් එක්ක සුදු පාට ඩෙනිම් එකක් අශ්වර තෝරලා තිබ්බා.ඒ ස්වෙටර් එක උරහිස ගාවින් ඕපන් වෙලා තිබ්බා.ඒ නිසාම උරහිසේ ගහලා තිබ්බ ටැටූ එකත් ලස්සනට පෙනුනා.
"හ්ම්ම් නරකම නෑ. මේක ලස්සනයි"
යසස් ඒ ඇඳුමට කැමති උනේ ඒක සැහැල්ලු නිසාමයි.හැබැයි ඩෙනිම් එක නම් අයින් කරලා වෙන සැහැල්ලු කලුසමක් යසස් ගත්තා.
ලෑස්ති වෙලා ඉවර වෙද්දිම වගේ යසස්ගේ බෙල් එක ring උනා.යසස් ගන්න ඕන කරන දේවල් ටිකත් අරගෙන ගිහින් දොර ඇරියා.ඒත් ඉන්න කෙනා දැක්ක ගමන් යසස්ගේ මූන පුදුමෙකට, තරහකට වගෙම බයකට තප්පර ගානකවි වෙනස් උනා.
"මිස්ටර් යසස් එන්න මම පහලට යන්න උදවු කරන්නම්"
ඒ මනුස්සයාගේ අත ඇඟේ ගෑවුන ගමන්ම යසස් වේගෙන් පිටිපස්සට ගියා.
"යන්න මට අද එන්න බෑ කියන්න. ආ...හ්"
යසස්ට එයාගේ කකුලේ අමාරුව අමතක උන නිසාම බිමට ඇදගෙන වැටුනා.
"මිස්ටර් යසස් ඔයා හොඳින්ද?"
ඒ මනුස්සයා ඇවිත් යසස්ව හිටවන්න උත්සහ කරන ගමන් කිවුවා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...