එක රැයක් ඇතුලත ගොඩාක් දේවල් වෙනස් වෙන්න පුලුවං උනත් මම මේ තරම් ලොකු වෙනසක් නම් බලාපොරොත්තු උනේ නෑ. ෆෝන් එක පුපුරන්න එන නෝටිෆිකේශන් ගොඩකුයි, කෝල් ගොඩකුයි නිසා මම උදේ ඇහැරුනා.
"ආ...හ් මොන වදයක්ද මේ??"
ෆෝන් එක අතට ගත්ත ගමන් මම දැක්කේ මුලු X එක පුරාම යසස්,අශ්වර වගේම ඩ්‍රාමා එකේ නම් trending ඇවිත් තියන විදිහ.ඒත් හොඳ දෙයක් නිසා නම් නෙවෙයි.
අශ්වරගෙයි,මගෙයි අතර තිබ්බ හැම විදිහකම දේවල් ගැන ගොඩාක් අය පෝස්ට් කරලා තිබ්බා.ඒ වගේම අශ්වර මේ ෆිල්ම් එකේ invester නිසාම මේක සම්පූර්ණයෙන්ම පෙනුනේ මම අශ්වර එක්ක තියෙන සම්බන්දේ පාවිච්චි කරලා මේ චරිතේ ගත්තා වගේ.ඩිරෙක්ටර් ඇතුලුව මුලු කාර්‍ය මණ්ඩලේම එකතු වෙලා මේ උන ඩැමේජ් එක වහන්න ගොඩක් මහන්සි වෙනවා කියලා පෙනුනා.මොකද ඊයේ රෑ ඉඳලා මේ වෙනකල් official statement තුනකට වඩා පෝස්ට් වෙලා තිබ්බා.
ඒත් එක්කම මගේ දොරට කවුරු හරි තට්ටු කරනවා ඇහුන නිසාම මම ගිහින් දොර ඇරියා. අශ්වර නිදිමතේ කොණ්ඩෙත් අවුල් කරගෙන එතන හිටගෙන හිටියා.බොරු කියන්න ඕන නෑ මේ එයාව මේ විදිහට දකින පලවෙනි අවස්තාව. ආපහු මගේ හිත හෙල්ලුනේ නෑ කිවුවොත් ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. නිදි මත නිසා ලාවට ඉදමුන ඇස් එයාට වෙනම හුරතල් පෙනුමක් ගෙනත් දුන්නා.
"අම්ම් ඩිරෙක්ටර් කිවුවා පුලුවන් තරම් ඉක්මනට හම්බ වෙන්න කියලා.ඒ කියන්නේ මේ දැන්මම එන්න කිවුවා"
අශ්වර ඔලුවත් කසන ගමන් නිදිමතේම කිවුවා.
"හරි. මම ලෑස්ති වෙලා එන්නම්"
වෙන මට කියන්න දෙයක් තිබුනේ නෑ.ඉක්මනට පොඩියට වොශ් එකක් දාගත්ත මම සරල සැහැල්ලු ඇඳුමකුත් දාගෙන එලියට බැස්සා.
මමත් එක්කම වගේ අශ්වරත් එතනට ආවා. ඩිරෙක්ටර් වගේම කාර්‍ය මණ්ඩලේ හැමෝම එකතු වෙලා ලොකු සාකච්චාවකට වැටිලා හිටියේ මේක ඩ්‍රාමා එකේ රේටිං එකට ගොඩක් බලපාන්න පුලුවන් නිසාමයි.
"ඇත්තටම මාව තෝරගත්තේ අශ්වරගේ කීමටද?"
මම ඇහුවේ මට ඒක දැන ගන්න ඕන නිසා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...