හ්ම්ම් අද නම් ඩිප්‍රෙශන් හැදුන ඇටි කුකුලෙක් ගානට යුනියට යන්න බෑ.ලස්සන වෙලා හොට් කෑල්ල වගේ යන්න ඕන.
ඉක්මටට ලස්සන ඇඳුමක් දාගෙන මේකප් පාරකුත් දාගත්ත මම හුඟ කාලෙකින් ආපහු කණ්නාඩියකින් මගේ ලස්සන බැලුවා.
හ්ම්ම් ලස්සනයි. කවදද මම අවසාන වතාවට මෙහෙම මං ගැන හිතුවේ. මම දන්නවා මම කලින් මගේ ජීවිතේ විනාස කරගත්තා කියලා ඒත් මම මටම පොරොන්දු වෙනවා මේ පාර මගේ ජීවිතේ මම උපරිමෙන් ජීවත් වෙනවා. උපරිමෙන් විඳිනවා. මට ආපහු විඳවන්න ඕන නෑ.
අවුරුදු ගානකින් මගේ කාර් එක ස්ටාට් කරා වගේ දැනෙනවා.මොකද මේකත් මට නැති උන දෙයක්.තාත්තා මගේ අවුරුදු 18 උපන්දොනේට අරන් දුන්නේ. මගේ red princess.
ආහ් දැක්කත් ආදරේ හිතෙනවා.මගේ වස්තුවහ්.
අත් දෙක දිගෑරලා මම මගේ කාර් එක බදාගෙන උම්මා සීයක් විතර දුන්නා.
"දෙයියනේ මා මැනික.ඔයාට මම කොච්චර ආදරේද කියලා තේරුනේ ඔයා නැති උනාම"
ෆුල් ස්පීඩ් කරලා යන්න තරම් යුනිවර්සිටි එක දුර නැති නිසා දැනට ශේප් එකේ ගිහින් මම යුනිවර්සිටි එක ගාවින් බැස්සා. ඔව් වෙනදා වගේම ගිය ගමන් ඉන්න ඔක්කොගේම අවදානේ මගේ පැත්තට ආවා. මම දැං දන්නවා මේක මට ඕන විදිහේ හොඳ අවදානයක් නෙවේ කියලා.
But who cares. මේක මගේ ජීවිතේ.අද නම් ආවේ professor ව හම්බ වෙලා මිස් උන දේවල් වලට විසඳුමක් හොයාගන්නත් ඕන.
.................මේ අතර....................
හේතුවක් කියන්න දන්නේ නෑ. ඒත් යසස් කාර් එකෙන් බහිනවා දැක්ක ගමම් අශ්වර ඒ පැත්තට ඇවිදහෙන ආවේ යශ් එයා දිහා පොඩ්ඩක් හරි බලයි කියල බලාපොරොත්තුවෙන්.
ඒත් අතේ තිබ්බ පොතක් දිහා බලාගෙන ගිය යසස්ට අශ්වර ඉන්න වගක් වත් දැනුනේ නෑ.
"මේ කොටා බෑ මාව එහෙම දවසෙන් අමතක කරන්න තමුන්ට බෑ. තමුසේ මෙච්චර කාලයක් බොරුවක් නේද කරේ"
අශ්වරට ටික ටික තරහා ගියේ තමං පස්සෙන් පිස්සුවෙන් වගේ ආපු කොල්ලා එක පාරම අංශක 180ක් අනිත් පැත්ත ගහලා තිබ්බ නිසාමයි.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
Fiksi Umum"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...