යසස්, නිම්න එක්ක වරුත් තුන් දෙනාම බාර් එක ඇතුලට ආව ගමන් ගිහින් කෙලින්ම වාඩි උනේ VIP zone එකේ. මොකද තුන් දෙනාම කොහොමත් ප්‍රසිද්ධ තරුණයෝ තුන් දෙනෙක්. ප්‍රසිද්ධ නිලියකගේ පුතෙක්, ප්‍රයිමිනිස්ටර්ගේ පුතා ඒ වගේම ප්‍රසිද්ධ TV chanel එකක අයිතිකාරයෙක්ගේ පුතෙක්.තුන්දෙනාම ඇඳලා හිටියේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඒ විතරක් නෙවෙයි තුන්දෙනාගේ පෙනුම ඕනම කෙනෙක්ගේ අවදානේ එයාලගේ පැත්තට ගන්න සමත් උනා.
"යසස් තාමත් කකුල හොඳ නෑ වගේ නෙහ්?"
වරුත් අතේ තියන විස්කි වීදුරුව තොලගාන ගමන් ඇහුවා.
"ඔව් තාම හොඳටම හොඳ නෑ. වැඩත් ගොඩක් මිස් උනා අප්පා."
යසස් කිවුවේ එයාගේ කොක්ටේල් එකෙන් ටිකක් බොන ගමන්.
ඒ අතරේ white vine වලට ආස උන නිම්න හිමින් සැරේ එයාගේ ඩ්‍රින්ක් එක තොල ගාන ගමන් හිටියා.
.........................මේ අතර.....................
අශ්වර දන්නවා අනිවාරෙන්ම යසස් යන්න ඇත්තේ red light city කියන club එකට කියලා.මොකද දවල් වෙලාවේ ඕපන් එකේ තියෙන්නේ ඒක විතරයි.උපරිම වේගෙන් කාර් එකේ ගියත් මගක් යද්දි අශ්වරට එලොව පොල් පෙනුනේ ඇඳං ඉන්න ඇඳුම දැකලා.
"ඔය කරේ ආ...හ් මට එන තරහා..."
එහෙම්න පාර අයිනේ තියන ඇඳුම් ශොප් එකක වාහනේ නවත්තපු අශ්වර ඉක්මනට ඇතුලට ගියේ ඉස්සරහන ඉන්න ස්ටෝර් ඇසිස්ටන් කෙනෙක්ගේ අතේ එයාගේ කාඩ් එකත් තියන ගමන්මයි.
"ප්ලීස් මට හොඳ ඇඳුමක් හොයලා දෙන්න. අහ් ටිකක් ඩීසන් එකක් ඕන හැබැයි. "
"සර් බජට් එක මොන වගේද?"
"අහ් කීයක් උනත් කමක් නෑ. හැබැයි හොඳ කොලිටි එකක් නම් හොඳයි.ඉක්මන් ඉක්මන් ප්ලීස්"
ස්ටෝර් ඇසිස්ටන් ඉක්මනට දුවලා ගිහින් ඇඳුමක් ගලපගෙන අරගෙන ආවා. හිතේ මිම්මට ඇඳුම් අරගෙන ආවට මොකද ඇති වෙයිද කියලා එයාට විශ්වාසයක් තිබ්බේ නෑ.ඉක්මනට fiton room එකකර ගිය අශ්වර ඇඳුමත් දාගෙන එලියට ආවා. ඒකේ ටැග්ස් ටික ගලවගත්ත කෙල්ල ඉක්මනට ගිහින් බිල දාලා කාඩ් එක අශ්වරගේ අතට දුන්නා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...