part 23

92 17 6
                                    

නිම්නටයි, වරුත්ටයි දෙන්නටම ඩ්‍රයිව් කරන්න පුලුවං කමක් තිබ්බේ නෑ. ඒ නිසාම දෙන්නා එතනම හොටෙල් එක්ක රූම් එකක් බුක් කරා. දෙන්නා නොහිතපු දෙයක් තමා අවසානෙට දෙන්නව රූම් එකට ඇදගෙන ගිහින් දාන්න තරම් දෙන්නා බොයි කියන එක.

නිම්න උදේම ඇහැරුනේ ඔලුවෙ කැක්කුමකුත් එක්ක. ඒත් ඊට වඩා වෙනස් දෙයක් නිම්නට දැනුනා.එයා කාව හරි තද කරලා බදාගෙන හිටියා.ඒ විතරක් නෙවේ එයාට හොඳටම විශ්වාසයි එයා මේ බදාගෙන ඉන්න කෙනාගේ ඇඟේ නූල් පොටක්වත් නෑ කියලා.

නිම්න කලබල නොවී ඉන්න උත්සහ කරන ගමන් ඒ මනුස්සයාගෙන් ඈත් උනා.ඒත් ඒ ඉන්නේ වරුත් කියලා දැක්ක ගමන් නිම්නගේ ඔලුව පුපුරන්න තරම්ලොකු තරහක් ආවා.

"තමුසේ කොහොමද? කොහොමද මෙහෙම දෙයක් කරේ?"

නිම්න වේගෙන් වරුත්ගෙන් ඈත් වෙන ගමන් කිවුවා.නිම්නගේ කටහඬට ටික ටික ඇහැරුන වරුත් ඇස් දෙක පොඩි කරලා නිම්න දිහා බැලුවා.

"හ්ම්ම් මොකක්? අහ් මගෙ කොන්ද?"

වරුත් එක පාරම හොඳ සිහියට ආවේ කොන්දත් එක්කම කකුල් දක්වාම විහිදුන වේදනාව නිසා.

"මම හිතුවේ නෑ තමුසේ මෙච්චර චීප් වැඩක් කරයි කියලා වරුත්"

නිම්න කෑ ගැහුවා.

"මොනාද ඔයා කියවන්නේ නිම්න මම මොනාද කරේ ආ..හ්"
වරුත් තාමත් වෙදනා දෙන ඔලුව දෙපැත්තට හොලවන ගමන් කිවුවා.

"මොනාද කරේ අහන්නේ.තමුසෙට පේන්නේ නැද්ද? වා..හ් වරුත් මම තමුසෙට කිවුවා මම තමුසෙට කැමති නෑ කියලා . ඒත් මෙච්චර දෙයක් කරන්න තමුසේ හිතයි කියලා මම හිතුවේ නෑ"

"මෝඩ කතා කියවන්න එපා නිම්න මාත් ඔයා වගේම බීලා හිටියේ. මේක අපි දෙන්නම අතින්.."

වරුත්ට ඊලඟ වචන ටික කියන්න හම්බ උනේ නෑ .

"බොරුවට අහින්සකයෙක් වගේ හැසිරෙන්න එපා."

නිම්නගේ අත එතුනේ වරුත්ගේ බෙල්ල වටේ. ඒක ටිකෙන් ටික තද වෙද්දි නිම්නගේ කටින් පිට උනේ වරුත්ගේ බෙල්ලට දැනෙනවට වඩා වැඩි වේදනාවක් දැනෙන වචන.

"මෙහෙම දෙයක් උනා කියලා මම තමුසෙට කැමති වෙයි කියලා කවදාවත් හිතන්න එපා. ශිට් මම කොහොමද මේ වගේ අප්‍රසන්න වැරැද්දක් කරගත්තේ. ආහ් මම හිතුවේ තමුසේ මගේ යාලුවෙක් කියලා."

Time travelled Villain(sinhala Bl) Where stories live. Discover now