Work shop එක අතර තුර යසස්ට අලුත් වචන අලුත් දැනුම ගොඩක් එකතු කරගන්න උනා.මොකද මරණපරීක්ශන සිද්ද කරන දොස්තරවරයෙක් හැටියට කරන්න තියන චරිතෙකදී ඒ දෙබස් විතරක් දැනගෙන ඉන්න ඇති උනේ නැහැ.
ඒ අතර අශ්වරට සිද්ද උනා තුවක්කු ගැන ඉගෙන ගන්න.තව රහස්පරීක්ශක කටයුතු කරන විදිහ ගැන ඉගෙන ගන්න ඒ වගේම martial art ටිකක් ඉගෙන ගන්න.
ඩිරෙක්ටර්ට පුදුමයක් උනේ දෙන්නගේ chemistry එක අලුතෙන් හදන්නදෙයක් නොතිබ්බ නිසා. යසස්ගෙයි අශ්වරගෙයි චරිත දෙක අතර තියෙන්නේ rivals එහෙම නැත්තං පොඩි තරඟකාරී බවක් එක්ක එක්ක තියන තරහක්. දෙන්නා හම්බ උන වෙලාවේ ඉඳං කරන්නෙම කියවගන්න එකයි රවාගන්න එකයි නිසා ඒක ඒ විදිහටම ඩ්‍රාමා එකටත් හොඳයි කියලා ඩිරෙක්ටර් හිතුවා.
අද මුලු කාස්ට් එකම ඇවිත් හිටියේ ෆොටෝ ශූට් එකකට. ඩ්‍රාමා එකේ concept photo shoot කරන දවස තමා අද.
යසස්,අශ්වර,මිරේන් ඇරුණම ඒ අයගේ ගැන්සියේ ඉන්න අය තමා. යූනා අල්විස්, හේලී ෆර්නෑන්ඩෝ වගේම ආකාශ් දෙවුමිත කියන්නේ.
යූනා කියන්නේ හරිම කටකාර වගේම දඟකාර කෙල්ලෙක්. කොයිවෙලාවෙත් මොනාම හරි හප හප ඉන්න එක යූනගේ පුරුද්දක්. හුරතල් පෙනුමක් වගේම fox eyes. පොඩි තොල් වගේම හුරතල් නරි පැටියෙක්ගේ පෙනුමක් යූනට තිබ්බා
හේලි ඊට වඩා සහමුලින්ම වෙනස් හේලි ට තිබුණේ ටිකක් තද personality එකක් වගේම ඒක ඇතුලේ හැංගුන හරිම කෙයාරිං පැත්තක්. හේලිගේ ෆැශන් සෙන්ස් එක ටිකක් tom boy පැත්තට බර එකක් උනා. හැමවෙලාවෙම නිහඬ උනත් එක පාරම පිස්සු නටන්න පුලුවං විශේශ හැකියාවක් හේලිට තිබ්බා.වෙලාවකට ඒක ඉතුරු අයව පුදුම කරන දෙයක් උනා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...