"ඉතිං ඉතිං කියනවකෝ අයියේ. මොන වගේ එකක්ද?"
යසස් ශෙනාල්ගෙන් ඇහුවා.
"මෙහෙමයි හැබැයි පොඩී. මම ඔයාට casting එකට යන්න chance එක අරගෙන දෙන්නම්.හැබයි මම ඔයාට තේරෙන්න උදවු කරන්නේ නෑ.ඒක ඔයාගේ වැඩක්"
"හරි හරි ඒක මම බලාගන්නම් ඒයි.මට කොහොමත් nepo baby tag එක වැදෙනවා හැබැයි."
"හ්ම්ම් මේක episode 16ක විතර duration එක පැයක වගේ ඩ්‍රාමා එකක්. Action, investigation type එකක්.මොකද කියන්නේ කැමතිද?"
යසස් ටිකක් කල්පනා කරා.
"ඒත් අයියේ ඔය ගහගන්න මරාගන්න ඒවා මට පුලුවං වෙයිද?"
"හා හා මම ඔයාට දෙන්නේ ගහමරාගන්න character එකක් නෙවෙයි.මේකේ තියෙන්නේ pathologist කෙනෙක්ගේ චරිතයක්."
"ආහ් ඔයා කියන්නේ අර මරණ පරීක්ශණ එහෙම කරන අය.එහෙම එකක් නේ"
"ඕ ඕ එහෙම එකක් තමා."
එතනින් පස්සේ යසස් අයියා එක්ක ගොඩක් වෙලා කතා කරලා අයියගේ ලඟ තිබ්බ පිටපතත් අරගෙනම ගෙදර ගියා.
........................................................................
"ඉතිං දැං මේ ඩ්‍රාමා එකට අඩු characters මොනාද?"
"අහ් මේ.මේ ඇත්තටම කිවුවොත් mr.අශ්වර අපි හෙට තමා doctor ගේ චරිතෙට ඕන කරන අයව casting කරන්නේ.තාම ඒත් අපිට පොලිස් ඔෆිසර්ගේ චරිතෙට කෙනෙක් හම්බ උනේ නෑ"
"හ්ම්ම් මෙහෙමයි ඩිරෙක්ටර්. මම සල්ලි වියදම් කරන්නේ ඔයාට කාලේ නාස්ති කරන්න නෙවේ.මම හෙට කාස්ටිං එකට එනවා කොහොමද කියලා බලන්න."
"හරි සර් ඒක හොඳයි.ඔබතුමා ඒත් මගේ තෝරාගැනීම් වලට බලපෑම් නොකරයි කියලා මම හිතනවා"
අශ්වර ලාවට හිනා උනා.
"හ්ම්ම් මම ඒක ඔයාට පොරොන්දු උනානේ."
ඒත් එක්ක දෙන්නගේ කතාව එතනින් ඉවර උනා.
............................යසස් pov..................
අද උදේ තිබ්බ ලෙක්චර් එකත් මිස් කරගෙන කුකුලත් අතින් අරගෙන මම මේ යන්නේ මගේ පලවෙනි acting වැඩේට. කලින් ජීවත් උන නිසා මම දන්නවා මට රඟපාන්න පුලුවං කියලා.මොකද මම ඒ කාලෙත් පොඩි පොඩි චරිත රඟපෑවා. මට තේරුණත් ඒ දේට මම ගොඩක් ආදරෙයි කියලා අශ්වර නිසා ප්‍රසිද්ධ වෙන්න මට බය හිතුනා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...