වරුත් බාගෙට ඇඟමැලි කඩ කඩ කැන්ටින් එක පැත්තට ආවේ කන්න බලාගෙන.අද අශ්වර නැති නිසා වරුත් ආවේ තනියම. කෑම එකත් බෙදාගෙන වාඩිවෙන්න හදද්දිම වරුත් දැක්කේ අද තනියම සුපුරුදු මේසේ වාඩි වෙලා ඉන්න නිම්නව.
"හායි හායි හා....යි"
වරුත් නිම්න ඉස්සරහින් වාඩි උනා.නිම්න වරුත් දිහා බලලා අහක බලා ගත්‍තා.
"ඔය ඉතිං බෑනේ කරන්න.මනුස්සයෙක් හායි කිවුවම හායි කියන්න අප්පා"
වරුත් මූනට නසරානි හිනාවක් ගන්න ගමන් කිවුවා.
"ම්ම් හායි"
කිසිම හැඟීමක් දැනීමක් ඇති විදිහට නිම්න කිවුවා.
"ඕකනේ ඉතිං.දැං කියන්න මම අහපු එකට ඔයා කියන්නේ මොකක්ද?"
වරුත් කලින් අහපු ඩේට් එක ගැන කිවුවා.
"නෑ ඕන නෑ.මම හොයාගත්තා ඒක කරන්න විදිහක්.ඔයාගේ උදවු ඕන නෑ"
ඒ කට හඬේ තරහක් නෑ, සතුටකුත් නෑ.හරියට රොබෝ කටහඬක් වගේ.ඒත් අශ්වර එක්කම ඉන්න වරුත්ට මේවා ඉතිං සුපුරුදු දේවල්.
"හා හා හොයාගත්ත නම් හරි.මොකද අද ඔයාගේ "යාලුවා" නැද්ද?"
යාලුවා කියන එක හොඳට බර කරලා වරුත ඇහුවා.
"ම්ම් නෑ."
"ඕහ් ඇත්තට අද අශ්වර ඇත්තෙත් නෑ.හ්ම්ම්ම් මොකද දන්නෙ නෑ"
නිම්නගේ ඇහිබැම ලාවට ඇකිලෙන දිහා බලාගෙන වරුත් කිවුවා.
"නිම්න ඇත්තටම අහන්නේ එනවද මාත් එක්ක ඩේට් එකකට යන්න"
ඉක්මනට මාතෘකාව වෙනස් කරන්න ඕන නිසා වරුත් කිවුවා.
"බෑ. මට ඔයා ගැන පුංචිම පැහැදීමක් වත් නෑ"
නිම්න කියලා දැම්මා.
"වා...හ් ඒක නම් මෙතනට දැනුනේ. රිදුනා හොඳේ"
වරුත් පපුව අල්ල ගන්න ගමන් කිවුවා.
"හරි හරි එහෙනම් මම පැහ්දීමක් ඇති කරලම එන්නම්කෝ ඔයත් එක්ක ඩේට් එකකට යන්න.ඔන්න අද ඉඳං මගේ මේ අවුරුද්දේ ලිස්ට් එකට ඔයාගේ හිත ගන්න එකත් ඇඩ් වෙනවා හොඳේ"
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
Narrativa generale"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...