නිම්න එයාගේ අපාට්මන්ට් එකට වෙලා අද දවසේ බාගයක් ගත කරේ ලොකු කම්මැලි කමකින්.ඒත් ඒ කම්මැලි කම නැති වෙන්න මහලොකු වෙලාවක් ගියේ නෑ. අපාට්මන්ට් එකේ බෙල් එකේ අතොරක් නැතුව වැදෙන්න ගත්ත නිසාම නිම්න ගිහින් දොර ඇරියා.
අත් දෙකේ කෑම මලු දෙකකුත් එල්ලගෙන හිනාවේගන ඉන්න වරුත් දැක්කම හිතේ තිබ්බ පීඩනය ටිකක් අඩු වෙලා යනවා වගේ නිම්නට තේරුනා.
"හුඟ දවසකින් මොකද මේ? මම හිතුවේ ආය එන්නේ නැති වෙයි කියලා"
"අනේ වස්තුවේ ඔයා මාව මතක් කරා නේද එහෙනම්"
ලොකූ හිනාවකුත් එක්ක වරුත් නිම්නවත් තල්ලු කරගෙන අපාට්මන්ට් එක ඇතුලට ආවා.
"ඒ උනාට ඔයා සතියක් විතර මාව මගෑරියානේ"
"ඔව් ඉතිං ඔයානේ කිවුවේ මම කොච්චර උත්සහ කරත් ඔයා මට කැමති වෙන්නේ නෑ කියලා.ඔයා කැමති යසස්ට විතරයි කියලා. ඉතිං මම පොඩි විවේකයක් ගත්තා ගැම්මක් අරගෙන ආපහු සුදු මහත්තයා පස්සෙන් එන්න"
වරුත් වෙනදා වගේම විහිලු කරන්න ගත්තා.
"ඊයේ මට යසස් කෝල් කරා. ලොබ්ස්ටර් එකට එන්න කියලා"
වරුත් ඒක අහගෙන ඉන්න ගමන් ගෙනාපු කෑම ටිකත් පැත්තකින් තියලා වාඩි උනා.
"ඉතිං ඉතිං. ඊයේ ඩිනර් ගත්තද යසස් එක්ක"
නිම්නගේ කටින් යසස්ගේ නම කියන කියන වාරයක් ගානේ හිත රිදුනත් මූනේ ඒ හිනාව එහෙම්ම තියාගෙන වරුත් ඇහුවා.
"නෑ. එයා වැටිලා කකුල පෙරලිලා. මම එයාව හොස්පිටල් එකට අරන් ගියාම මට හම්බ උනා අශ්වර අයියව"
"හහ්?? අශ්වර මොනාද හොස්පිටල් එකේ කරේ"
"යුමිල්‍යා අක්කි ආපහු ඇවිල්ලා. එයාට අසනීප උන නිසා ඇවිත් තියෙන්නේ.ඒත් යසස්ට අසනීපයි කියලා දැක්ක ගමන්. යුමිල්‍යා අක්කිව කාර් එකේ ගෙදර යවලා එයා නතර උනා යසස් එක්ක"
"ම්ම්ම් ඒකත් එහෙමද? ඉතිං දැං ඔයාට දුක ඇයි?"
වරුත් ඇහුවා.
"මට දුක නෑ. මට තරහයි. ඇයි?? ඇයි දැං අර අශ්වර යශ්ගේ පස්සෙන් එන්නේ? එයාට කලින් වගේම යශ්ව මගාරින්න පුලුවංනේ"
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
Fiction générale"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...