යසස් ඩිරෙක්ටර්ගේ ඔෆිස් එකට යද්දිත් හැමෝම වගේ එතනට ඇවිත් හිටියා.හාමුදිරුවෝ වඩම්මලා පිරිත් ටිකක් කියන්න හැමදේම හදලා තිබ්බේ ඒක කොහොමත් සිරිතක් නිසා.මුලු නලු නිලියෝ ඔක්කොම වගේම crew එකේ හැමෝමත් ලස්සනට සුදු පාට ඇඳලා හිටියා.
දැනටමත් වෙලාව උදේ 6.30ට විතර ඇති.ටික වෙලාවකින් හාමුදුරුවෝ වැඩිය නිසා පිරිත් එහෙම කියලා සුබ මොහොතින් වැඩේ පටං ගත්තා.මුලින්ම ඩිරෙක්ටර් ෆර්නෑන්ඩෝට ඕන උනේ ට්‍රේලර් එකට ගන්න යන සීන් ටික ශූට් කරන්න.
ටික වෙලාවක් යද්දි යසස් අශ්වර දෙන්නම හිටියේ මේකප් රූම් එකේ. ස්ටයිලිස්ට් ලා දෙතුන් දෙනෙක්ම එකතු වෙලා දෙන්නගේ පෙනුම චරිත වලට ගැලපෙන විදිහට හදන්න උත්සහ ගත්තා. ඒ අතරම එහා පැත්තෙන් මිරේන්,හේලි , යූනා වගේම ආකාශ්ගේ මේකපුත් කරන්න පටං ගත්තා.මුල්ම සීන් ටික තිබ්බේ මිරේන්ටයි යූනටයි, හේලිටයි, ආකාශ්ටයි නිසා ටික වෙලාවක් යද්දි යසසුයි,ආකාශුයි මේකප් රූම් එකේ තනි උනා.
"මේකෙ ඔයා එක්ක රණ්ඩු වෙන්නම තියන නිසා මට පුදුම සැනසීමක් තියෙන්නේ"
යසස් ස්ක්‍රිප්ට් එක දිහා බලාගෙන කිවුවා.
"ඒ උනාට මේ මෙතන බලන්න.මෙතන මට තියෙන්නේ ඔයාව බිත්තියට පින් කරන්න.මෙතන මට තියෙන්නේ ඔයාගේ කොලර් එකෙන් අල්ලලා හොලවන්න.මෙතන මට තියෙන්නේ ඔයාගේ අත් දෙකම මගේ එක අතකින් අල්ල ගන්න. හැබැයි ඔයාට තියෙන්නේ මට බනින්න විතරයි"
අශ්වර ආඩම්බරෙන් කිවුවා.
"ඇත්තට හහ් !"
යසස් තරහෙන් කිවුවා.වෙනපැත්තකට අවදාගෙන දීපු අශ්වරගේ කකුල් දෙකේ දනිස් හරියේ පිටිපස්සට ටිකක් තදින් හැබැයි නොරිදෙන තරමට පයින් එකක් ගහපු ගමන් අශ්වර දනින් වැටුනා.අශ්වර දැන් ඉන්නේ යසස් ඉස්සරහ දන ගහගෙන. ඒත් එක්කම යසස් අශ්වරව එතන තිබ්බ බිත්තියට තද කරලා මූන දිහා බැලුවා. යසස්ගේ මූනේ සෙල්ලක්කාර හීනවක් ඇඳෙද්දී අශ්වරගේ ඇස් පුදුමෙන් ලොකු උනා.ඊලඟට අශ්වරගේ කොලර් එකෙන් අල්ලලා ටිකක් වේගෙන් එයාගේ පැත්තට ඇදගත්ත යසස් හිමීට අශ්වරගේ කන ගාවට නැමුනා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්‍රාර්තනාව ඒක. ...