ඇඳ ඉස්සරහට වෙලා නියපොත්තත් කන ගමන් යසස් හිටියේ බර කල්පනවක.
"සැහ් මං මොකක්ද මේ ටිකෙන් අඳින්නේ. හොට් එකට යන්නත් ඕන. අනිවාරෙන්ම හෙට ඔතන මීඩියා කාරයෝ ඉන්නවා."
ඇඳ පුරාම විසිරිලා තියන තමංගේ ඇඳුම් දිහා බලන ගමන් යසස් තමන්ටම කියාගත්තා.කලින් ජීවිතේදිත් යසස් ඕක අස්සට අමාරුවෙන් රිංගගත්තා තමා. එදා යුමිල්යා ලස්සන pearl white ගවුමකින් සැරසිලා හරිම ආඩම්බරෙන් අශ්වරගේ අතේ එල්ලිලා ඒ උත්සවේට ආවා. එදා ඒක දැකපු වෙලාවේ ඉඳන් සතියක් විතර නොකා නොබී ඇඬුවා යසස්ට මතකයි.
"ඉව්ව්ව් මම නම් මහ මොකෙක්ද මන්දා.මේකව අල්ලගන්න ටිකක් ලොකුකම දාන්න විතරයි තිබ්බේ කියලා මම දන්නව නම් අම්මපා ..."
යසස් අවසානෙට ඇඳුමක් හොයාගත්තා. ඒක කලු පාට ෆුල් සූට් එකක්.
"හහ් මගේ personality එක වගේ මගේ ඇඳුමත් කලු වෙන්න ඕන. අන්න ඒකයි මගේ තියරිය"
හවස 6 වෙද්දි අශ්වර එයාව එක්කගෙන යන්න එනවා කිවුව නිසාම අශ්වර කලින්ම ලෑස්ති වෙන්න ගත්තා.
ඇත්තටම ඉතින් එන්න දෙයක් තිබුනෙ නෑ එයාගේ අපාට්මන්ට් එක එහා පැත්තෙනේ අශ්වර ඉන්නෙත්.පහයි හතලිස්පහ වගේ වෙද්දි අශ්වර යසස්ගේ අපාට්මන්ට් එක ඇතුලට ආවා.
"හ්ම්ම් පොඩ්ඩක් ඉන්න. අශූ මට පොඩි ප්රශ්නයක් තියනවා. ඔයාට කවද්ද මගේ අපාට්මන්ට් එකට මෙහෙම එන්න පුලුවං උනේ"
යසස් කිවුවේ අශ්වරගේ අතේ තියන යතුර දිහා බලන ගමන්.
"ආහ් මේක. මම මේක ඔයාගේ ඇඳගාව මේසේ උඩ තිබිලා හොයාගත්තේ"
ආඩම්බරෙන් ඒක පෙන්නන ගනන් අශ්වර කිවුවා.යසස් එයාගේ තරහ නොපෙන්නා හිනාවීගෙන අශ්වර ගාවට ගියා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
Ficción General"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...