part 2

164 30 11
                                    

ඇඟේ අමාරුව නිසා තව දවස් දෙකක්ම ගෙදර නතර උන මම ආපහු කැම්පස් එකට යන්නේ අද තමා.

එක පාරක් බිස්නස් ස්ටඩීස් කරපු එකේ මම තීරණය කරා මං කරන සබ්ජෙක්ට් එක වෙනස් කරන්න.මම හිතුවා මේ පාර . මම හැමදාම actor කෙනෙක් වෙන්න පුදුම ආසාවකින් හිටපු කෙනෙක්.ඒ නිසාම මම තීරණේ කරා බිස්නස් ඩිපාට්මන්ට් එකෙන් ඩ්‍රාමා වලට මාරු වෙන්න.ඒකට තව හේතුවක් තියනවා.මට ඕන නෑ අශ්ගේ මූණ දකින්න.දෙන්නා එකම ෆැකලටි එකේ නිසා එයාව හැම වෙකාවෙම මට දකින්න පුලුවං.ඒත් මට දැං ඕන අශ්ගෙන් ඈත් වෙන්න.

"අයියේ මට ඩ්‍රාමා කරන්න ඕන.ඔයාට බැරිද මාව ආපහු මාරු කරලා දෙන්න"

"ආහ් ඕවා මොනාද? කැම්පස් එකට හම්බවෙන් funds වලිං 90%ක්ම අපේ company එකෙන්.මම වැඩේ කරලා දෙන්න්ම්"

ඩිරෙක්ටර්ගේ ඔෆිස් එකට ගිය ගමං අයියව පිලිගත්තේ නිකං වැදගත්ම මනුස්සයා එයා වගේ.

"ඕහ් එන්න එන්න මිස්ටර් ශෙනාල්"

"Oh nice to meet you mister fernando. මම අද ආවේ පොඩි උදවුවක් බලාපොරොත්තුවෙන්."

"ඔහ් කියන්න කියන්න මිස්ටර් ශෙනාල්"

"මගෙ මල්ලි යසස් ට එයාගේ major එක් මාරු කරන්න ඕනලු ඩ්‍රාමා වලට"

"අහ් ඕක මොකක්ද මිස්ටර් ශෙනාල්.අද ඉඳන්ම මිස්‍ටර් යසස්ට මාරුවෙන්න පුලුවං"

මම අයියත් එක්කම සතුටින් එලියට ආවත් එක්කෙනෙක් දැකපු ගමන් මට දැනුනේ මාව එතනම ගල් ගැහුනා වගේ.

ඒ සුපුරුදු හැඟීම් නැති සීතල ඇස් අශ්ගෙම තමා.එතනින් මම ගියේ අශ් දිහා නිකමට වත් නොබලා.

"අද මොකද ඔහෙගෙ spbr දකිද්දී සද්දයක් නැත්තේ ම්ම්ම්"

(Spbr - සත්‍ය ප්‍රේම් බෘන්ගෙ රාජයා)

"ම්ම්ම් මම හිතුවා ඒ වැඩේ අතාරින්න අයියේ."

මම ඒක ඇහෙන නෑහෙන ගානට කිවුවා.අයියා එක පාරම ඇස් දෙකත් ලොකු කරගෙන මගේ පැත්තට හැරුණා.

"තමුසේ ඇත්තටමද ඔය කියන්නේ."

අයියගේ ඇස් වල ලාවට කඳුලු පිරෙනවා මම දැක්කා.ඇයි කලින් මට ඔයාගේ ආදරේ පෙනුනේ නැත්තේ.මම නම් මහ මෝඩයෙක්.

Time travelled Villain(sinhala Bl) Where stories live. Discover now