-04-

1.4K 261 177
                                    

"ඇයි බන් අර නෙඩ් මැජික් ස්පෙල් එකෙන් පීටර් පාර්කර්ස්ලව මල්ටි යුනිවර්ස් වලින් ගෙන්නන එක තමා පට්ටම"

වන්දා අතින් රවුමක් ඇදලා මැජික් එක කරලා පෙන්නුවම මම ඩයිනින් ටේබල් එකේ තිබ්බ පුටුවෙන් නැගිටලා ගිහින් පීටර් පාර්කර්ව ආරූඩ කරගත්තා.

"String theory... multidimensional reality... and matter displacement..."

මම ඒ පාර්ට් එක රගපාලාම කරා. මෙහෙම හිටියට මට හොදට රගපාන්න පුළුවන්. අනික මට ස්පයිඩර් මෑන් සීරීස් එක කටපාඩම්. හැම වාර නිවාඩුවකටම අයියාගේ ලැප් එකෙන් සීරීස් ටික දාගෙන සතියෙන් බලලා ඉවර කරනවා.

"වාව්!!! අඩෝ ඒ විදිහමයි!! මමනම් ආසම ටොම් පීටර් පාර්කට. එයාගේ කෙල්ල පට්ට නේද කුරුළු. එමා මැරෙන නිසා මම අන්ඩෘගේ සීසන් එක බලන්න කැමති නෑ. අපි ආයෙත් එක්සෑම් ඉවර උනාම ඒක බලමුද? උබලගේ අයියගේ නෙට්ෆ්ලික්ස් අකවුන්ට් එක තියෙනවනේ."

"නෙට්ෆ්ලික්ස් ඕන්නෑ බං. අපේ අයියගේ ලැප් එකේ හොරට බාපු සීසන් ඔක්කොම තියනවා. ඒ උනාට මම ආසම ටෝබීට. එයාව තමා මම ස්පයිඩර් මෑන් විදිහට මුලින්ම දැක්කේ. ඒකේ ගතිය ගන්න බෑ වන්දා මොකෙන්වත්."

මම ආයෙත් පුටුවෙන් ඉදගත්තා. මට දැන් ඒක ආයෙත් බලන්න හිතිලා ඉන්නේ. ඔක්කොටම කලින් අයියාව ෂේප් කරගන්න ඕන. එයා එහෙම ඉල්ලන හැම වෙලේම ලැප් එක දෙන්නේ නෑ. මට එකක් නැති නිසා ලැප් එක අපි පොදුවේ යූස් කරාට වැඩි අයිතියක් එයාට තිබ්බේ.

"ඔයාට මතකද කුරුළු එමාට උන දේ? අම්බෝ එමා නැති උන දවසේ මම අඩලා නෑ වගේ ඇඩුවා. ඇඩුවා නෙවේ බං මට ඇඩුනා. මට තාමත් ඒකට හිත හදාගන්න-"

"දැන් උබලා පාඩම් කරනවද නැත්තං මෙතන ස්පයිඩර් මෑන් රගදක්වනවද!!!"

අම්මෝ රෝසී අක්කා..

මායි වන්දායි ටාර් ගාලා හද හද හිටිය ගාන හදන්න ගත්තා. ලේසි නෑ රෝසී අක්කා එක්ක. එයා හරි සැරයි. නපුරුයි. බනිනකොට අපේ අම්මා වගේ. අනික අත දිගෑරලා හැරෙන හැරෙන අතට දීලා අරින්න පර්මිෂන් තියන නිසා එයාගේ වැඩේම අපිට ගහන එක.

සයන්ස් කරාට පිසික්ස් බැරි නිසා ඇග්‍රි කරපු පැල මැක්කී!!!!

"කෝ බලන්න උබලා මොනවද මෙච්චර වෙලා කරේ?  පෙන්නපං පොත් දෙක"

SURYAWARNA | ONGOING Where stories live. Discover now