"අහ්ම්.. ස්ස්.."
මිනිහට රිදෙනවා ඇතී......
තුවාල උන මනුස්සයෙක්ට බෙහෙත් දාගන්න ඕන්නම් වැරදිලාවත් අපේ අයියා ගාවට යන්න නරකයි. සේලයින් වලින් හෝදපු තුවාල උඩින් අමුවෙන්ම සර්ජිකල් තලියක් වක්කරන්න තරම්...
අපේ අයියාගේ මනුස්සකමක් ගෑවිලාවත් නෑහ්..
මේකයි උනේ.. අර වැටුන පාර මැතිව් බොසාගේ මූණ ඇරෙන්න හැම තැනකම බරු ගැහිලා තිබුණා. ගේ ඉස්සරහා වැටුන නිසා ධවාන් අයියත් අරූව අල්ලං අහන්නේ බලන්නේ නැතුව අපේම වත්තටම වාරු කරගෙන ආවා. ඉතින් අපේ අයියත් හෙන පරිත්‍යාශීලී ලෙස ගේට් එකත් ඇරලා අර යකාව ගෙටත් අරගෙන සාලෙන් ඉන්දවලා ධවාන් අයියවත් හරවලා යැව්වා.
ගෙදරින් එලෙව්වට මොකෝ මායි වන්දයි ගෙදරට රිංගගෙන බිත්තියටත් හේත්තුවක් දාගෙන නොසෑහෙන වෙලාවක් තිස්සේ අයියට ආරූඩ උන මෙඩිකල් ස්ටුඩන්ට් ඇබිලිටි එක දිහා බලාගෙන ඉන්නේ.
ඇත්තටම අපේ අයියාට ඩොක්ටර් කෙනෙක් වෙන්නම ඕනද?
හැබැයි මෙහෙමයි!! අඩහගෙන ආව විදිහට මම හිතුවේ කුමාරයට පොඩ්ඩක් හරි හොදට සලකයි කියලා. කොහෙද!! අරූ අඩන්න බැරි කමට කදුළු හිර කරගෙන ඉන්නේ. තප්පර අරික්කාලකට මට හිතුනා මූ පව් යකෝ කියලා. මූණ නිකං හරහට දාපූ පෑන් කේක් එකක් වගේ. ඇයි ඉතින් අපේ උන්දෑ ලෙසටම සාත්තුව දෙනවනේ..
"අඩෝ අර බලපං තුවාල පිහන ලස්සන. අරූගේ හම ගැලවිලා යයි හුත්තෝ"
වන්දා මගේ කන අස්සේ කුටු කුටු ගානකොට මාත් තොල හපාගෙන හරි අමාරුවෙන් සීන් එක බලන් හිටියේ. ඇත්ත පිහනවා නෙවේ අතුල්ලනවා. අනික කිසි අනුකම්පාවක් නැතුව තුවාල උඩින් ප්ලාස්ටර් එක අලවලා ඒක උඩින් චිටිස් ගාලා පාරක් ගහනවා. එහෙම කරන එක දකින වාරයක් වාරයක් ගානේ අම්මපා මට සූස් ගෑවෙනවා.
ඒ අස්සේ මගේ ඔලුවේ~~ මිනිසාමයිලොවදෙවියන්වන්නේමිනිසාමයිලොවතිරිසන්වන්නේ...
පව් ඇත්තටම පව්!! මොනා උනත් මනුස්ස ජිවිතයක්නේ. වැරදිනම් ඔය දෙයියොත් කරනවනේ.
"අනික් අත"
අපේ අයියා එක අතකට බෙහෙත් දාලා ඉවර කරලා අනික් අත ඉල්ලුවම මැතිව් අයියා බබා වගේ අත දික් කරා. අපේ අයියා සර්ජිකල් තලියක් අරන් අත උඩින් උලව්වා.