"මෙහෙමයි අයියේ ඔයා මට මේ කරපු කැත වැඩේ ලේසියෙන් අමතක කරන්නෑ. හැබැයි මගේ බොත්තෝ දෙක මහලා දෙන නිසයි මං කටවහන් ඉන්නේ"
"හ්ම්"
"මේක මේ පලවෙනි පාරත් නෙවේනේ ඔයා මාව මාට්ටු කරලා දුන්න. අපේ අයියා ගැනවත් හිතලා ඇයි ඔයාට බැරි මන් එක්ක සාමෙන් ඉන්න?"
යුපුන් අයියා ඉදිකට්ට කටේ තියාගෙන ඔලුව උස්සලා මං දිහා බැලුවා. ඉදිකට්ට වෙනුවට කට මැද්දේ රෝස මලක් තිබ්බනම් මරු. හැබැයි ඉතින් රෝස මලෙත් නටුවේ කටු තියන එකේ ඉදිකට්ටත් අවුලක්ම නෑ.
"අර අනික් අයියලා එහෙම නෑ. ඔයා විතරයි මගෙන් පලිගන්නේ. ඔයාටත් අයියා අසනීප උනාම විතරයි මාව ඕනි වෙන්නේ. ඔක්කොටම කලින් අපි අතර ඇතිවෙලා තියන මිස් අන්ඩස්ටෑන්ඩ් එක ෆික්ස් කරගෙන ඉමු. ඔයා මට මෙහෙම සලකන්න මම මොකක්ද ඔයාට කරපු වැරැද්ද?"
යුපුන් අයියා කටේ ගහන් හිටිය ඉදිකට්ට අරන් මං කියපු කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව හිල අස්සට නූල දැම්මා. අනේ මං ආස නෑ මේ වගේ මිනිස්සුන්ට. දෙයක් ඇහුවම උත්තර දෙන්නෙත් නෑ අනික ඇහුනා කියලා අගවන්නෙත් නෑ. අති පණ්ඩිත ලයින් දෙන්නේ.
"මේ හලෝ මස්සිනේ උබට අයියව ඕන්නම්-"
"උබේ අයියව කෝමත්- ක්හ්ම්.. උබට දෝදුද කුරුළු?"
යුපුන් අයියා නහයෙන් හොද හුස්මක් අරගෙන කටින් ඒක පිට කරා. මෙයාට මේ එපා වෙලා ඉන්නවා කියන්න තමා උත්සහ කරන්නේ.
"ඔය ඇරියේ වැහිලා තිබ්බ කට. අම්මේ ඉතින් තාරකාව මතක් කරන්නම ඕන කට ඇරෙන්න. නිකංද ඉතින් කතා හැදෙන්නේ? නේ?"
"ඔව්!! පොඩ්ඩකට උබ ඔය කට වහනවද?"
මම කට වහලා සිප් එක්කින් වහනවා වගේ පෙන්නුවා. යුපුන් අයියා ඊටපස්සේ දෙවනි බොත්තව මහන්න පටන් ගත්‍තා. මෙයාට හොදට මහන්න පුළුවන්නේ. කෙල්ලෙක් ඉන්නවද දන්නෑ..
"මේ ඔයාට ආදර සම්බන්ධයක් නැද්ද?"
"ආව්ස්!!"
"ඇනගත්තා නේ?? ඔය ඉතින් උඩ බලාගෙනනේ වැඩ කරන්නේ."
මිනිහා ගැස්සිලා ගිහින් ඉදිකට්ට අතේ ඇනගත්තා. ඔය තරමට බය උනොත් ඇති. අනේ මන්දා මෙහෙමත් කෙයාලස්ද පිපෙට්ටුවෝ??