-18-

1.3K 258 225
                                    

"මේන් පුක හරිද? එකී දෙකට නැමිලා ටැප් එක සෙට් කර කර ඉන්නවා. එතකොට අර ස්ටෙප් බ්‍රදර් එනවා කොහෙද තූත්තු කුඩියක ගිහින්. දැන් අරකි නැමිලා ඉන්න නිසා අරූට පුක දැක්ක ගමන් ලෙල්ලටම නගිනවා"

""ම්ම්..""

"ඊටපස්සේ ඌ ෂේප් එකේ කුස්සිය මුල්ලට වෙලා අතේ ගහනවා හරිද? මෙන්න පොල්ල!! උගේ ඇග නිකං ඇට සැකිල්ල උනාට පොල්ල ලොකුයි උට වඩා"

""ඕඕඕ...""

"කොහොමරි ඌ අතින් අත වැදිලා-"

"මැත්ස් සර්ර් එනවා!!!!!!"

ප්‍රමුදිතයා උගේ කතාවේ හොදම හරිය කියනකොට කමිදුවා කෑ ගහන් ක්ලාස් එකට කඩන් පැන්නා. අපි ටාං ටාං ගාලා ඉක්මනට ඩෙස් උඩින් පැනලා ගිහින් ස්ථාන ගත උනා. සැක්ම සැක්. ලයිව් වැලක් අහගන්න තිබ්බ චාන්ස් එක නැති උනානේ.

"ගුඩ් මෝනින් ළමයී!!"

"ගුඩ් මෝනීන් සර්ර්ර්ර්.....!!!!!" 

ඒ අස්සේ එකෙක්,

"සර් රැව්ල කැපුවද?"

"ඔව් ඔව් ඒවා උබලට පේනවා. කෝ මේ කමිදු මෙන්න මේ පැවරුම් ටිකයි ගිය සතියේ ටෙස්ට් එකේ පේපර්ස් ටිකයි බෙදලා දානවා. අද මං මන්ත්ලි ටෙස්ට් එකේ මාර්ක්ස් අරන් ආවේ. එහෙනම් ඔක්කොම ලෑස්ති වෙන්නකෝ ඒකට"

කමිදුවා මුල ඉදලා කොළ වගයක් බෙදාගෙන යනකොට සර් පත කණ්නාඩියකුත් දාලා ෆයිල් එකක් දිගෑරගත්තා. අපිට දැන් උගන්නලා ඉවර නිසා පොඩි පොඩි ටෙස්ට් තමා ස්කූල් එකේ කරේ. එහෙම නැත්තං දවසම දානවා හෝල් එක්කට. ඊටපස්සේ හවස් වෙනකම් මොකක් හරි සබ්ජෙක්ට් එක්කට රිවිෂන්.

"සන්දික 90යී... ශ්‍රීනාත් 89යී... දර්ෂුක 97යී......"

ආයේ ඉතින් මේ දවස් වල අසූ ගණන් අනූ ගණන් දානවා කියන්නේ වැඩ්ඩෝ තමා. මම ඉතින් මේ ටිකේම මැත්ස් වලට කියලා කරේම රෝසි අක්කලා දිහා රිංගන් ගණන් හදපු එක. සමහරක් දවස් වලට නිදාගන්නත් අමතකයි මට. අනික අපේ අයියා කොහෙන්ද හොයන් ආව මැත්ස් පොතක් දීලා මට මුල ඉදලා අගට යනකම් හදන්න කියලා දුන්නා. මුලදි එපා වෙලා හිටියට මට දැන් ඒවා නැතුවම බෑ. මෙච්චර කල් රෝසී අක්කයි, අපේ අයියයි කටකැඩෙනකම් කෑ ගහපු නිසා දෙයියනේ කියලා ටෙස්ට් එක සේපට ගොඩ දාගත්තා කියලා හිතනවා.

SURYAWARNA | ONGOING Where stories live. Discover now