එකෝමත් එක කාලෙක- ක්හ්ම්...
කැහැ කැහැ!!!***
"යුපුන් සූර්ය රාජපුත්‍ර"
"I'm here!!"
දෙක වසර පොඩ්ඩෝ ගොඩාක් පිරුණු පන්තියේ ඉදිරිපෙල අසුනකින් හුරුබුහුටි පුංචිත්තෙකුගෙ චූටිත්තං අතක් එස උනා. ඒ තමා යුපුන්. තාම හරියට දත් ටිකවත් වැටිලා නෑ කොල්ලාගේ.
ගුරුතුමියත් අත උඩට උස්සන් ඉන්න පුංචි හාදයට හිනාවකින් ප්‍රථිචාර කරලා නාම ලේඛනේ එයාගේ පැමිණීම සටහන් කරාට පස්සේ පුංචි කොල්ලාගේ ඊලග අභිප්‍රාය උනේ ගුරුතුමියගේ හඩින් එයාගේ යාළුවගේ නම අහගන්න එක. එයාලා හිතන් ඉන්නේ ඒක මහා ලොකු විශ්ව කර්මයක් කියලා.
"තාරක ශ්‍රී ප්‍රභාෂ්වර"
ඔන්න ඉතින් ගුරුතුමිය අතින් නම් දෙක තුනක් කියවුනාට පස්සේ එයාගේ හොදම යාළුවගේ නමත් කියවුනා. දැන්නම් පොඩ්ඩෝ දෙන්නටම සතුටුයි වගේ.
"I'm here!!!"
පුංචි යුපුන්ගේ යාළුවා උන තාරකත් හරි සතුටින් එයාගේ නමට අත ඉස්සුවා. මේක එයාලට හරිම විනෝද වැඩක්. නිකං හරියට සෙල්ලමක් වගේ. නම් දෙකම කියවුන නිසා පැංචෝ දෙන්නා දැන් ඉන්නේ සිවිලිමේ වැදි වැදි.
ඉතින් මේ පුංචි යුපුන්ගේ ස්කෝලේ හොදම යාළුවා උනේ තාරක. දෙන්නා සෙල්ලම් කරන්න විතරක් නෙවේ කොහේ ගියත් එකටමයි යන්නේ. එයාලා පුරුදු වෙලා හිටියා එයාලගේ හැමදේම ලෝබ නැතුව බෙදාගෙන පාවිච්චි කරන්න. ඒ නිසා පුංචි හාදයෝ දෙන්නගේ තියරිය උනේ අරයා ඇඩුවොත් මෙයා අඩනවා මෙයා ඇඩුවොත් අරයා අඩනවා කියන එක.
"යාළුවා here... මට මගේ අම්මි ලස්සන eraser එකක් අරන් ඩුන්නා"
පුංචි යුපුන් බෑග් එකෙන් එලියට අරන් පෙන්නුවේ උල් මාරු කරන්න පුළුවන් පාට පාට මකනයක්.
පුංචි යුපුන්ට ටිකක් සිංහල කතා කරන්න අමාරුයි. අනික එයා තාරූ එක්ක දැන් ඉන්නෙත් ඉංග්‍රීසී මාධ්‍යයෙන් උගන්වන පන්තියක. එයාට සිංහල කතා කරන්න බැරිමත් නෑ. ඒත් තාමත් එයා භාෂාවට ගොඩාක් ආදුණිකයි. ඒ මොනා උනත් කාලයත් එක්ක එයාගේ හොදම යාළුවා උන පුංචි තාරකට පින්සිද්ධ වෙන්න යුපුන්ට පොඩ්ඩක් වචන අහුලලා කතා කතා කරන්න පුළුවන් උනා.