අටවන කතන්දරය

25 2 0
                                    

"මට කවුරුත් කීවෙ නෑනෙ අද ඉන්ටවිව් එකක් තියනවා කියලා.." නෙතුක් කිව්වා..

"කවුරුත් කියන්න එහෙම ඉන්ටවිව් එකක් තියෙන්න ඕනි නේද?" මිතුක හිනා වෙලා කලිසම් සාක්කුවට අත්දෙක දාගෙන කිව්වා..

"බොරුද?"

"ම්ම්ම්"

"පකයා.."

"පකයා තමා.. එන්නකො බඩ්ඩක් පෙන්නන්න..."

"මොනාද?" මිතුක නෙතුක්ගෙ අතින් ඇදගෙන ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකට ගියා....

"අර පේනවද?" මිතුක අත දික් කරලා ග්‍රවුන්ඩ් එකේ කෙලවර තියන ලොකුම ලොකු අඹ ගහේ තියන ලොකු කුරුලු කූඩුවක් පෙන්නුවා.

"මොකාගෙ කුඩුවක්ද ඒ..?"

"කාගෙ උනාම මොකෝ.. ඒකෙ පැටව් ඉන්නවා..."

"කොච්ච්රක්?"

"2ක් නෑ 4ක් ඉන්නවා ඔව් 4ක්" මිතුක ගහ දිහා බලාගෙනම කිව්වා..

"දැන් ඕක පෙන්නන්ද එන්න කිව්වෙ🥲"

"ආ ඒක අමතක වුණානේ..මේ බලන්න.."
මිතුක සාක්කුවෙන් බ්‍රස්ලට් එකක් ඇදල ගත්තා..

"වෝව්.. ඒක ලස්සනයිනේ..මටද?

"නැතුව.."

මිතුක ඒක නෙතුක්ගෙ අතට දැම්මා.. ඒක කළුපාට බෑන්ඩ් එකක් ඉස්සර ලස්සන ගහක් තියනවා..

"මුහුදට ආසද?🩵"

"ඔව්.. ඔයත් ආසද?"

"නෑ.. මන් අහස අහසට.."

"අපි දැන් ක්ෂිතිජයේද?"

"ඔයාට එහෙම හිතෙනව නම් එහෙම තමා.."

මිතුක හෙමින් නෙතුක්ගෙ සුලිගිල්ල එයාගෙ සුලගිල්ලෙ පටල ගත්තා..

"අද වහීද?"

"ම් අහස කළු වෙලා..."

"යමුද..?"

"පොඩ්ඩක් ඉමු.. කවුරුත් නෑනෙ.."

දෙන්නම ගිහින් අඹ ගහයට බිමින් ඉදගත්තා...

"සින්දුවක් කියන්නකො.." නෙතුක් මිතුගෙන් ඉල්ලුවා..

"මොකක්ද කියන්න ඔනී.."

"ම්ම්ම් ඔයා කියන්න කැමති එකක්.."

"එකයි දෙකයි තුනයි..
.....සාගරේ හඬ දිගේ...
.....මේ ගඟ ගලනවනම්...
.....මන් නුඹේ නුඹ මගේ....
.....අපි අපේ විතරනම්.... "

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Where stories live. Discover now