හත්වන කතන්දරය

31 1 0
                                    

"අයියෝ.. සැප්තැම්බර්, ඔක්තෝබර්,නොවැම්බර්,දෙසැම්බර්,ජනවාරි.. අනේ තව මාස 4ක් වත් නෑ හරියට..."

"ඉෂිත් ඔය බෙරිහම් දීම නවත්තපන්..ඇවිත් මේකෙ රු.40000ක් නැති වුණේ කොහොමද හොයපන්..😒" මෙතුක එක්ක බෑනේ...

"මේ පේන්නෙ නැද්ද මිතුක මේ ණයගැතියා.. ඌව කපලනේ තෝ.. පව් යකෝ.." බුද්දිමත් සදැස්..

"හිටපන් ඒත් නෑ..අනේ මුගෙ අම්මගෙ බල්ලගෙ සමාගම් උට්ට.. මට බෑ.."

අද කට්ටියම මෙතුකලාගෙ ගෙදර.. උදේ තිනදි අක්කාගෙ ක්ලාස් එකේ ඉදල මේ කට්ටිය දවල් පාඩම් කරනවා..

"සදැස් මේ.. මේ.. මේ ජිනදාසගේ ව්‍යාපාරය ගාණ හැදුවද?" ඒ අනගි..

"ඇයි බබා ඔයා මගෙන් අහන්නෙ නැත්තෙ.."
අසරණ ඉෂිත්..

"තොගෙන් අහන්නෙ නැත්තේ තෝ හදල නැති නිසා.."

"මේ මන් හදල තියෙන්නෙ.."

"ඔය ජනදාස සහ පුත්‍රයෝ..😒"

ඉෂිත් ගේ රෙදි මහවැලි ගගේ පාවුණා වාගේ..

"දැන්නම් රත්නායක සහ පුත්‍රයෝ ඕනී..."😒
රසෝල් උට කට පියන් ඉන්න බෑනේ

"අක්කා ටවුන් යයි කියන්නකො.. තතෝල්ට සත්නායක බේකරියෙන් උදු වඩේ අරන් එන්න කියල.."

"හා...😙"

"නෙතුක් කෝ.." අනගිට යාලුවා මතක් වුණේ දැන්.

"මිතුකගෙ කාමරේ.. ඌගෙ ලොකු ලයින්.. පාඩම් කරන්න හිතෙන්නෙ නැල්ලු.."
රසොල්ගේ විස්තර විචාරය..

"හිතෙන හු*තක් නෙමෙ.. මූ අල්ලනවානේ.. අත තියන් ඉන්නෙ නෑනෙ ඒකයි ගියේ..." ඉශිත් මූ ගම කනවා..තිනදි අක්කත් ඉන්නවා..

"හිටපන් එක්කන් එන්න.." මිතුක නැගිට්ටා..

"මාත් එන්නද..🤪" සදැස් නිකා හිටු..

"ඔනි නෑ.."

"ඌඌඌස්ස්ස්... " සියලු දෙනා එක වැර..

"ආආආ " ඉෂිත් කැ* විදිහට කෑගද්දි අනගි ලග තිබ්බ කුෂන් එකකින් ඉෂිත්ට ගැහුවා..

මිතුක හෙමින් උඩ තට්ටුවට ගිහින් එයාගෙ කාමරේට ගියා.. නෙතුක් මිතුකගෙ පාඩම් මේසේ පාඩම් කරනවා.. මිතුක හෙමින් ගිහින් නෙතුක්ගෙ බෙල්ල වටේ අතක් යවල කණට පහලින් බෙල්ලෙ හාදුවක් තිබ්බා..

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Opowieści tętniące życiem. Odkryj je teraz