Mithuka's POV
ඉර බැහැගන යන දිහා හරිම ඉවසිල්ලෙන් මන් බලන් හිටියා.... බක්මහේ අකුණ ගහන්න ඔන්න මෙන්න කරලා... වැස්සක් ලගම එනවා... නුවරට නම් ඉතින් මාසෙකට සැරයක් දෙසරයක් වහිනවමයි.. ඒත් බක් මහේ වැස්ස.. අනිත් හැම වැස්සකටම වඩා සැරයි.. වසන්තයේ ආරම්භය සැර වැස්සකින් පටන් ගන්න එක පුදුමයි නේද?
අවුරුදු උත්සවය හෙට.. අප්‍රේල් 09... මන් හෙට ඉස්කෝලෙ අදින්න ගත්ත, නිල්පාට බතික් සරමයි,කමිසයයිනයන් කරල ඇදෙන් තිබ්බා.. අක්කා තමා තෝරලා දුන්නේ.. එයා කියනවා සුදු අය තද පාටවල් ඇන්දාම ලස්සනයි කියල... ඒක ඇත්ත..
පින්න වැටෙනවා.... ඉයෆෝන් එක කනේ ගහගෙන සින්දුවක් අහගන්න කියලම හිතන් උණුම උණු කෝපි එකක් හදාගෙන ආයෙම මගෙ කාමරේට ඇවිත් ඇදෙන් ඉදගත්තා.. ඇදෙන් ඉදගත්තාම ජනේල් එළිය පේනවා.. ජනේලටම හෙත්තු කරල තියන ඇද හරි සීතලයි.. මිදුම එනවා.. වැස්සත් එක්කම.. මේ වෙලාවට මගෙ මතකෙ දුවන්නෙ එකම එක හදවතක් ගාවට විතරයි... නෙතුක් සෙනාස්වර ගජනායක.. මගෙ ආදරණීය නරකයා.. මන් වෙනුවෙන්ම ඉපදුන කෙනා.. මගේ නෙතූ.♡
මට තාමත් හිතාගන්න බැරි, එකම එක බැල්මෙන් මගෙ හිත එයා ගාව නතර වෙන්න තරම් එයා එච්චරටම මායකාර ඇයි කියලා..
මායාකාර ඇස්, මායාකාර හිනාව...2020 ජනවාරි 27 (සඳුදා)
"මේ මැඩම් කෝ බන්" ඉෂිත් මගෙන් ඇහුවා..
"මන් දන්නෙ කොහොමද?"
"මැඩම් එනවා....." දිනෙත් කියල කොල්ලෙක් පන්තියට ආයෙම දුවන් ආවා...
මැඩම් පන්තියට ආවා.. මැඩම්ගෙ පස්සහින් ඉස්කෝලෙ කා.කා.ස කෙනෙක් එක්ක ළමයෙක් ආවා..
"ළමයි අද අලුත් ලමයෙක් පන්තියට එනවා.."
මැඩම් එහෙම කියනකොට, සදැස්ගෙ වැටුණ පෑන ගන්න බිමට නැමිල හිටපු මම අලුත් ලමයා දිහා බලන්න උඩ ඉස්සෙනකොට ඔලුව ඩෙස් එකෙ වැදුනා.. නිදැනුන ගානට ආයෙම අර ලමය දිහා බලන්න හැරෙනකොට එයා මන් දිහා හැරිලා මට හිනා වෙනව...පැත්තකට හිනා වෙනකොට එයාගෙ නළදත් හොදට පෙනුනා... ඇස් පොඩි කරගෙන ජපන් කොල්ලෙක් වගේ.. ඒත් ඒ ඇස් වල මායකාරි හැගීමක් තිබ්බා.. ඒ ඇස් මගෙ හදගැස්ම මගෙ ජිවිතේ මේ ගෙවුනු 14ටම පළවෙනි වතාවට හරි අමුතු විදිහට ගැහුණා..
BẠN ĐANG ĐỌC
කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]
Lãng mạnBL : "මන් ඔයාට ආදරේ කරේ වෙන් වෙන්න නෙමේ.." "මන් ඔයාට ආදරේ කරේ මන් වෙනුවෙන් මැරෙනවා දකින්න නෙමේ". "මාව අතාරිනව ද?" "කවදාවත්ම නෑ.. ඒත්.." "ඒත්..?" Thashz_18 සම්මත සමාජයක, සම්මතයි කියන ආදර කතා ඇතුළත... ඇයි අසම්මත ආදරයක් 😣 මේක ශෝර්ට් ස්ටෝරියක් උපරිම 40...