විසිඅටවන කතන්දරය

16 1 0
                                    

2025 ඔක්තෝම්බර් 10 (Mithuka's POV)

මගෙ හද ගැස්ම නවතින්න පටන්ගෙන දැන් මාසෙකටත් කිට්ටුයි.. අද සිකුරාදා දවසෙ උදෙම ඉස්කොලෙ ගියත් වැඩක් වුණේ නෑ.. මන් ප්‍රිෆෙක්ට් රූම් එකට වෙලා හිටියා.. මේ දවස්වල ගයිඩස්ලා ප්‍රැක්ටිස් කරවනවා.. ලබන අවුරුද්දෙ මුල වැඩ බාර දිලා අපි කැම්පස් යනවා.. පෙබරවාරි පටන් ගන්නවා..මම ගෙදර ඇවිත් නෑවා... දැන් රෑ වෙලා 9:00ට කිට්ටුයි.. එනගමන් කොත්තුවක් කෑවා... ඒ නිසා බඩගිනිත් නෑ මට.. මම බැල්කනියෙ තියන පුටුවයි මේසේ ලගට ගිහින් මේසෙ උඩින් මගෙ ඩයරි එක තියල ටික වෙලාවක් බලන් හිටියා...ඊටපස්සෙ මම පුටුවෙ ඉදගෙන පෑන කරක කරක ගොඩ වෙලාවක් බලන් හිටියා..

*අහස ලස්සනයි නෙතුක්....
අද අහසෙ තරු ගොඩක් තියනවා,
ඔයාටත් මේ ලස්සන අහස පේනවනම් මන් ගොඩක් කැමති.. මන් දන්නෙ නෑ මැණික ඔයාට මේ තරු පිරුණු අහස පේනවද කියල... මේ අහස දැක්කාම මට ඔයාව තරු අතරින් මැවෙනවා නෙතුක්..මගෙ අම්මයි අප්පච්චි අක්කයි, ඔයාගෙ අම්මයි.. මේ අහසෙ තරු වෙලා බලන් ඉන්නවා කිව්වා මතකද? අහසෙ තියන හැම තරුවකටම එයාලගෙ කතාවක් තියනවා කියල කිව්වා මතකද නෙතුක්? මේ අහසෙ කීයක්නම් දෙනෙක්ගෙ මතක තියේද.. සියදහස් ගානක්... ඒ සියදහස් ගානට නොගිය තවත් තරුවක් මන් හංගන් ඉන්නවා නෙතුක්.. ඒ ඔයාගෙ මතක.. ඒ මතක අලුත් කරන්න මං ගාවට ආයෙ එන්න.. මන් බලන් ඉන්නවා...මන් ඔයාට ගොඩක් ආදරෙයි..

මිතුක *

හැම සිකුරාදම නෙතුක් වෙනුවෙන් පුංචි ලියුමක් මම ඩයරි එකේ ලිව්වා.. ඒක මගෙ හිතට සහනයක් වගේ දැනුනා.. ලබන සතියෙ ආචෙරි චැම්පියන් ශිප් එක.. නෙතුක් ඒකටවත් ඒවිද කියල මන් බලන් ඉන්නවා.. මට එයා නැතුව ජීවත් වෙන්නෙ කොහොමද කියන එක ගැන පොඩිම අදහසක් වත් තිබුණෙ නෑ.... මට ජමනියට යන්න පුලුවන්නම්..මන් නොයා ඉන්නෙ නැහැ.. ඒත් මන් කොහොමද..මට තේරෙන්නෙ නැ..

මට බාගෙට පිස්සු හැදීගෙන එනවා වගේ දැන්නවා..

ජිවිත් වෙලා මොකටද?
ජිවිතයක් දුන්න කෙනා නැතුව..
ජිවත් වෙලා මොකටද?
ජිවත් වෙන්න හේතුවක් නැති කොට
අදටත් මන් ජිවත් වෙන්නෙ,
ඔයා මං ගාව ඉන්නවා කියල හිතාගෙන..

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Where stories live. Discover now