දොලොස්වන කතන්දරය

27 2 0
                                    

"කොහොමද ඉතින් ට්‍රිප් එක.." අනගිගෙ අම්මා අනගිගෙන් ඇහුවා..

"හොදයි.. නියමයි... සුපිරියි..."

"මොකද වුණේ..විනෝද වුණාද?"

"ඔව් එහෙ වැඩිය සීතල නෑ මන් හිතපු තරම්.. ලස්සනයි එහෙ.. අපිත් යමුකො.."

"අප්පච්චිට කියන්න..මාත් ආසයි.. කොහෙද බැන්දට පස්සෙ එක පාරක් තංගල්ලෙ එක්ක ගියා.. ඔච්චරමයි " අනගිගෙ අම්මා නිල්මිණි කිව්වා...

"යමු.. මන් කියන්නම් අප්පච්චිට..."

අම්මයි දුවයි කුස්සියේ ඉදන් කතා කර කර ඉද්දි රසෝල් එතනට ඇවිත් අනගිගෙ ඔලුවට ගැහුවා..

'ආආආආඅව්... පිස්සුද හරකෝ.."

"පුතා නංගිට ඉන්න දෙන්න..පොඩි එව්න් වගෙ"

"රිදෙනවා අම්මේ..." අනගි ඔලුව අල්ලන් කෑගහන්න පටන් ගත්තා..

"රිදෙන්න තමා ගැහුවෙ.." රසෝල් කිව්වා..

"අනෙ මේ මන් මුට ගහනවා... " රසෝල්ගෙ පිට මැදට හොදවයින් තට්ටුවක් අනගි දැම්මා..

"යකෝ හරියට ගහපන් අතගානවා වගේ..😒"

"පස්සෙ බලාගමු.."

"මොනාද පස්සෙ .. වරෙන් යකෝ වරෙන්.."

"නවත්තගන්න ලමයි..."

රසෝල් හිනා වෙලා කුස්සියෙන් එලියට ගියා. ඒ පස්සෙන් අනගිත් ගිහින් පුටුවෙ තිබුණු කුෂන් එකකින් රසෝල්ට ගහන්න පටන් ගත්තා..

"තෝ ගොබ්බයා මට ගහන්න..."

"ඇති යකෝ.. මන් අම්මට කියනවාඈ.."

"මොනාද?"

"ගෙම්බා ගැන.."

"කියපන් මාත් කියනවා.. තොගෙ සෝස මල ගැන.."

"කියපන්.."

"වරෙන් කියන්න.. අම්මේ අම්මේ... අයියට්ෆ්ස්ගහ්ස්ව්ඩ්" රසෝල් ක්ෂනිකව ගිහින් අනගිගෙ කට වැහුවා...

"පිස්සුද?"

"දැන් කියන්න කිව්වෙ.."

"එපා.. දැන්ම ඔනි නෑනේ."

"ම්ම් මේ ෆිල්ම් එකක් බලමුකො.."

"මොකක්ද..?"

"වෙනසකටත් එක්ක ටීවි සිරියස් එකක් බලමු.."

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Tempat cerita menjadi hidup. Temukan sekarang