පහළොස්වෙනි කතන්දරය

22 3 6
                                    

තේවාවේ සද්දෙට අපි හැමෝම නිමිලා හිටියා... කිරි ආහාර පූජා කරල.. මාලිගාව වැදල, වැල් බෝධිය වටේ වතුර කල උස්සන්.. අපි අපිට පුලුවන් උපරිමයෙන් අපේ සර්ථකත්වය පැතුවා.. බෝධිය පුරා ගහල තියන ප්‍රාර්තනා කූඩූ තොටිලි අස්සෙ අපෙ ඉස්කෝලෙ නමත් ගැහුවා...මේක හැම අවුරුද්දෙම කරන එකක්... මලිගාව වටේ තියන දේවල හැම එකකටම අපි යනවා.. ටැමිල් අයත් 15ක් විතර ඉන්න ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ.. පත්තිනි, කතරගම, විෂ්ණු දේවල වැදල නුවර තියන හින්දු කෝවිලකටයි, මුස්ලිම් පල්ලියකටයි, ක්‍රිස්තියානි පල්ලියකටයිත් ගිහින් උදේ 9 වෙද්දි කට්ටියම ඉස්කෝලෙ ඉස්සරහට ආවා.. බස් පහක් තිබුණා ඉස්කෝලෙට ඒවගෙම තමා ගියේ කට්ටියම බස් ඇතුළෙම බ්ලේසස් දාගත්තා.. ටොප් බෝඩ් එක දැම්ම්මෙ සුදු පාට බ්ලේසර්, අනිත් අය දැම්මේ කළු.. ඒ හැම එකකම රත්තරන් පාටින් ඉස්කූල් බැජ් එක ගහල තියනවා.. මුලින් අනගි, රසෝලුයිබස් එකෙන් බැස්සා.. ඊට පස්සෙ ඒ දෙන්න ඉස්කෝල දෙකෙ කොඩි දෙක අතට අරගත්තා.. බැන්ඩ් එක ඉස්සරහින් යන්න ඔඅටන් ගත්තා.. ප්‍රින්සිපල් සර්, මැඩම්, එක්ක වයිස් ප්‍රින්සිපල් සර්ලා මැඩම්ලා, අද්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, පොලිස් ස්ථානාදිපති ඒපස්සෙන් ගියා.. ඊටපස්සෙ ප්‍රිෆෙක්ට් බෝඩ් එක පෝලිමට කෙල්ලයි කොල්ලයි වගෙ දෙන්නා දෙන්නා ආවා... ඒක මාරම ගාම්භීර අවස්ථාවක්.. කට්ටියම කොඩි උස්සන වෙලේ ශේප් එකෙ අනව්සින් ටීම් එක පැනගත්ත.. එයාලගෙ උදව්වට මීඩියා යුනිට් එකෙ නංගිලා දෙනෙකුයි, මල්ලිලා දෙන්නෙකුයි හිටියා.. එයලා ඒ වැඩේටත් එක්ක බැජ් අලල්න්ත් එක්කමයි ගෙන්නලා හිටියේ...

හැමදේම හොදින් වුණා කිව්වොත් මන් හරි එක තැනක් හැර...

හැමෝම මේන් හෝල් එක ඇතුලට ඇවිත්, පොල්තෙල් පහන් පත්තු කරල ආගමික වතාවත් කරා.. ඊට පස්සෙ පිලිගැනීමෙ කතාව සුරංග සර් කරා.. ඊටපස්සෙ පළමු අදියරය පටන් ගත්තා... ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ නම් කියන වැඩේ අර මිඩියා යුනිට් එකෙ නංගිලා මල්ලිලා කරා... ඔය විදිහට 100ක් පලමු අදියරයට... ඊලගට අද්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කතා කරා ඊට පස්සෙ දෙවෙනි අදියරය පටන් ගත්තා.. එතනදිත් 100කට බැජ් දුන්නා... ඊලගට පොලිස් ස්තානාදිපති කතාවක් කරා...ඊලගට තුන් වෙනි අදියරය යටතේ තවත් 100ක්,  ඊලගට ප්‍රින්සිපල් සර් කතා කරා...ඊටපස්සෙ හතරවෙනි අදියරය යටතේ තවත් 100ක් ඊටත් පස්සෙ ප්‍රින්සිපල් මැඩම්..ඊටපස්සෙ තමා ටොප් බෝඩ් දෙකට බැජස් දුන්නේ ටොප් බෝඩ් එකට ටොප් බෝඩ් එකේ දෙමාපියොත් ස්ටේජ් එකට නගින්න ඔනී.. මිලින් හව්ස් කැප්ටන්ස්ලාට බැජ් දුන්නා මුලින්ම ගෑණු ලමයිට දුන්නා... ඊටපස්සෙ පිරිමි ලයින්ට.. නෙතුක්ගෙ භාරකරුවෝ විදිහට ස්ටේජ් එකට එන්න තිනදි අක්කා නුවිනුදු අයියා එක්ක  පොරොන්දු වුණා.. ඒත් ඒ වෙලෙ හිතපුවත් නැති විදිහට නෙතුක්ගෙ තාත්තා ඒ කියන්නෙ, ලයනල් ගජනායක, එයාගෙ එක්ස් වයිෆ් එක්ක ආවා.. ඒ වයිෆ් ගොඩක් තරුණ ගොඩක් ලස්සන කෙනෙක්, ලංකාවෙ නොවන පෙනුමක් තිබ්බත් තලෙළු උන පෙනුමක්, ඇෆ්ගන්, ඊශ්‍රායල් පෙනුමක් එයාට තිබුණේ.. හරියට පෙනුනේථ් නෑ මුළු ස්ටේජ් එකම කොළ පාට වෙලා තිබුණ නිසා...
නෙතුක්ගෙ මූණ මහා බයකින් වගේ තිබුණත් ගජනායකයනම් හිනා වෙලා ෆොටෝ එකට හිටියා..ඔය සිද්දිය නිසා හැමෝම වගෙ දැනගත්තා නෙතුක් කියන්නෙ හොදම සල්ලිකාරයෙක් කියලා..

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Where stories live. Discover now