Special Episode' කතන්දරයක නිමාව Part 01

15 2 0
                                    

After 5 years ´ වසර 5කට පසු...

"පත්තිනි සළු
නොදැරුවාට නුඹත්
පත්තිනියකි
මුළු හදෙන්ම ආදරේ පිදුව..

හත් මාල නොදැම්මාට
නුඹත් මානාලියකි
මා සඳටත් වඩා
පෙම් කෙරුව...

මල්වර නැකැත් නොබැලුවාට
නුඹත් මලෙකි
මල්වර නැකතෙන් උපන්න..

මගෙ හිත හොරකම් කල
ඔයා හරි ලස්සනයි
අද ඔය තෝඩුවට..."

"ඒක ලස්සනයි රසෝල්"

"ඔයාට පිස්සු අනේ..අවුරුදු පහකුත් වෙනවා, ඔය කවිය ඔයා හැමදාම කියවනවා.."

"ඒ සප්‍රයිස් එක අමතක වෙන්නෙ නෑ රසෝල් මට... මුලින්ම කැම්පස් ආපු දාවසෙ ඔයා මගෙ කන විද්දා මට මතකයි.ඊට පස්සෙ මේ දුන්න කරාබු දෙක.. මේ කවිය... මේ හැම දේම මගෙ ජීවිතෙ හොදම මතක රසෝල්.."

"ඔය ආදරේ මට වැඩී අප්පා.."

"එහෙමද.. දැන් ඔබතුමා වැඩට යන්න.." සදැස් කිව්වෙ කාර් එක ඇතුලෙ ඉදන් එයාගෙ කවිය ලියපු කොලේ එයාගෙ බෑග් එක ඇතුලට දාලා..

"ම්ම්.. අද ලෙක් එක වෙලා යයි... මන් එද්දි දවල් වෙයි.. ඔයා යන්න ගෙදර... "

දැන් රසෝල් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ  කථිකාචාර්ය කෙනෙක්, ජපුරෙ ෆස්ට් ක්ලාස් එකක් දානව කියන්නෙ ඉතිම්.. අහම් අහම්... තාම ඉතින් ලොක්කෙක් නෙමෙ.. අවුරුද්දයිනෙ ග්‍රැජුවේඩ් වෙලා...
සදැස් දැන් ස්පා සිලෝන් එකේ මාකටින් මැනේජර් කෙනෙක්, ස්පා සිලෝන් කලම්බෝ බ්‍රාන්ච් එකේ තමා එයා වැඩ... ඒ දෙන්නා දැන් ගෙයක් අරන් කොළඹ නැවතුනා... සදැස්ගෙ ගෙදරින්වත්, රසොල්ගෙ ගෙදරින්වත් දෙන්නගෙ සම්බන්දයට බලපෑමක් ඇති කලේ නෑ.. ඒ ගැන හොදින් බැලුව මිසක්..

"ම්ම් මන් එද්දි කන්න ගේන්නම්.." එහෙම කියාගෙන රසෝල් සදැස්ගෙ තොල් වලින් පෙක් එකක් තියන වාහනෙන් බැහැල යන්න ගියා..

_________________________

"මැණික......."

"ඇයි....

"මැණික......

"ඇයි ඇයි

"මැණික....

"මොකද හුත්තො...."

"අනෙ රෙද්ද, ඉවර නැද්ද ඔය හුත්ත.. දැන් කීයෙ ඉදන්ද අප්පා.."

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Tempat cerita menjadi hidup. Temukan sekarang