විසිඑක්වන කතන්දරය

26 2 10
                                    

Author's POV (2025 ජූනි 8)

අහිමි වීම කියන්නෙ මොකක්ද කියල මිනිස්සුන්ට තේරෙන්න, තමන් වැඩිපුරම ආදරේ කරන දෙයක් හෝ කෙනෙක් නැති වෙන්නම ඔනී... මිතුක ඒ ගැනම හිත හිත සාලෙ පුටුවක ඉදගෙන සිවිලිමේ එල්ලෙන ඩිම් වෙන කහපාට බල්බ් එක දිහා බලාගෙන හිටියා.... ඒ එක්කම වගේ මිතුක අතට ගත්තේ ෆෝන් එක..  ඒක වෙන කාගෙවත් නෙමෙ තිනදිගෙ ෆෝන් එක.. ස්ක්‍රීන් එකේ ඉරි ගිහින් තියන ඒ ෆෝන් එක තාමත් වැඩ... ෆෝන් එකේ අන්තිමට වීඩියෝ වෙලා තියන විඩීයෝ එක විසිවෙනි වතාවටත් මිතුක ඔන් කරා..

(The video)

"හායි ගායිස්... අපි යනවා.. අද..." තිනදි ඇස් කරක කරක කැම් එක වාහනේ ඩ්‍රයිව් කරන නුවිනිදුට ඇල්ලුවා..

"අපේ.. බබාව බලන්න..." නුවිනිදු අයියා, සතුටින් කිව්වා..

.......

තිනදිගේ නුවිනිදුගෙයි වීඩියෝ එක බල බල ආයෙම මිතුක අඩන්න පටන් ගත්තා.. මිතුක ප්‍රශ්න දිහා හරි සැහැල්ලුවෙන් බලපු කෙනෙක්.. හරි සැහැල්ලුවෙන් ජීවත් වුණු කෙනෙක්... මිනිස්සුන්ට ආදරේ කරපු කෙනෙක්... ඒත් අද මිතුක කඩන් වැටිලා.. එයා තාම කල්පනා කරන්නේ එයා එච්චර ආදරේ කරපු එයාගෙ අක්කා දාල යනවත් එක්කම පණටත් වඩා ආදරය කරපු තමන්ගෙ බෝයිෆෙරෙන්ඩ් එයාව ගනං ගන්නෙ නැති කොට.. තමන්ව උස් මහත් කරපු තාත්තා පාරෙ මැරිල වැටිල ඉන්නවා දකිනකොට මිතුකගෙ හදවත රිදුණු විදිහ.. තමන් තනි වෙලා කියල මිතුකට දැන් දැනෙනවා....

දවස් 10කට පෙර...(Mithuka's POV) මැයි 29 උදේ 10:50

"පුතා... මන් එළියට ගිහින් එන්නම්.." අප්පච්චි එහෙම කියනකොට මන් ජනේලෙන් එළියට මූණ දැම්මා...

"කොහෙද යන්නෙ.."

"කඩේට ගිහින් එන්නම්.. අක්කාගෙ උපන්දිනේ හෙටනේ.. රයිස් එකක් හදන්න බඩු ගේන්න යන්නෙ.."

"පරිස්සමින් එන්න.." අප්පච්චිගෙ මානසික තත්වෙ හොදටම වැටිලා.. තාම අක්කා ඉන්නවා කියල හිතන් ඉන්නෙ..

අප්පච්චි ගියාට පස්සේ මන් ෆෝන් එක අතට ගත්තා.. ගොඩක් අය රිසාල්ට් එකට විශ් කරල තිබුණා.. ඒත් මන් බලාපොරොත්තු උනු මැසේජ් එක නැති නිසා මම ගොඩක් දුක් වුණා.. මන් නෙතුක්ට කෝල් කරා. එයා අන්ස්වර් කරේ  නෑ...මන් මැසෙජ් කරා එයා සීන් කරන්නෙ නෑ.. රසොල්ට එයාගැන හොයන්න කිව්වාට එයාලටවත් ආරංචියක් ලැබිල නෑ... මන් දන්නෙ නෑ ඇයි හැමෝමම.....*ඩාං...* ඒ එක්කම ගේට්ටුවට මොනා හරි වැදුනාවගේ සද්දයක් ආවා.. මන් දුවල දුවල එළියට ගියා.. මන් දැක්කෙ කළු පාට වාහනයක්.. නම්බර් ප්ලේට් එක ලාවට දැක්කත් මට මතක නෑ.. දැක්කොත් අදුන ගන්න පුලුවන්.. මන් වුවමනාවෙන් බැලුවෙ නෑ.. මන් ගේට් එක ඇරියා.. ඇරපු ගමන් මගෙ ඇස් ඉස්සර බිම වැටිල හිටියෙ මගෙ අප්පච්චි.. මම එතනම ගල් වෙලා හිටියා.. විනාඩියකට විතර පස්සේ මන් දුවල ගියා.. අප්පච්චි හුස්ම ගන්නවා... මන් කෑ ගැහුවා..

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Where stories live. Discover now