දහනවවන කතන්දරය

30 3 0
                                    

Methuka's POV,

"ආදරේ කියන්නෙ මොකක්ද?"

මම හිටියෙ මගෙ කාමරේ, හෙට මගෙ අක්කා කාසද බැදල වෙන ගෙදරකට යනවා. මන් මේ ගෙදර තනි වෙනවා... හෙට දෙවෙනි මනාලයා මම, තව නෙතුක් එක්ක ඉෂිතුත් ඉන්නවා... කෙශාන් අයියා එන්න බෑ කිව්ව නිසා තමා නෙතුක්ව ගත්තේ.. දෙවනි මනාලියන්ට හිටියේ අනගියි තව අක්කගෙ යලුවෙකුයි, නුවිනුදු අයියාලාගෙ නෑ වෙන නංගි කෙනෙකුයි.... අද අපෙ ගෙදර නෙතුක් නැවතුනා.. ඉෂිත් උදෙන්ම එන්නම් කියල කිව්වා... දැන් මම මගේ බ්ලේසර් එක අයන් කරන ගමන් හිටියේ.. නෙතුක් මගේ ඇදේ ඉදන් එක පාරටම අහපු ප්‍රශ්නයට මම ටිකක් පුදුම වුණා..

"ආදරේ කියන්නේ... මායවක් වගේ දෙයක්"

"නෑ.. මායවන් කියන්නෙ බොරුනේ, ආදරේ බොරුවක් නෙමේ.."

"මායව බොරුවක්ද?"

"ඔව්...හැරි පොටර්,එහෙම ඇත්තටම මේ ලොකෙ නෑනේ"

මන් අයන් එක ඔෆ් කරල නෙතුක් ගාවින් ඉදගත්තා..

"ඒක ඇත්ත.. ඒත් මට ආදරේ මායාවක් වගේ.. ඒක ගොඩක් ලස්සනයි, විශ්වාස කරන්න බැරි තරම්, එක හරි හැගීම්බරයි, ඒක හරි කලාතුරකින් පිපෙන මායාකාරි මලක් වගේ.. හරි සුවදයි, හරි ලස්සනයි, හරි හැඩයි, හරි හොදයි...."

"ආදරේ කියන්නෙ එතකොට මායාකාරි මලක්ද?"

"ඔව්..

"ඒ මල මොනවාගේද?පෙති කියක් තියවද? පාට මොකක්ද?" නෙතුක් එක දිගට ප්‍රශ්න තොගයක් අහගෙන අහගෙන ගියා..

"ඒ මල... ඔයා වගේ..නෙතුක්..🌼✨!"

"ඇත්තටමද.. මම මායාකාරීද?"

"බලන්න ඔයාදිහා නෙතුක්, තනිකරම දෙවියො නිදහසෙ මවපු කෙනෙක් ඔයා.. ඔය ඇස්, ඒවා මායාකාරි.. ඔයාගෙ හිනාව, ඔයාගෙ කතාව හැම දෙම කාටවත් නැති තරම් ලස්සනයි.. ඒකයි ඔයා මායාකාරි.. වෙන්නේ.. දෙවියොඉ මවපු ලස්සනම රූපය ඔයා..."

"ඇයි මාව ඔච්චර වර්ණනා කරන්නේ..

"ඔයා විතරමයි.. මට වර්ණනා කරන්න ඉන්නේ..

"I love you" නෙතුක් එහෙම කියාගෙන මාව බාදාගත්තා

"I love you for a thousand years..Love you for a thousand more..."  මන් රහසින් එයා වෙනුවෙන් ගැයුවා..

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Where stories live. Discover now