දහතුන්වන කතන්දරය

28 3 11
                                    

"මිතුක ඔයා ග්‍රේඩ් 6-7න් ඉෂිත් 8-9 සදැස් 10-11 ආ නෑ සදැස් 6-7 මිතුක 10-11 රයන් 12-13 බලාගන්න අනිත් ප්‍රිෆෙක්ට්ස්ලා දාල තියෙන්නෙ අදාල තැන් වලට.. 1-5 and pre school එක juniors ලට බලන්න කියන්න..ස්ටාෆ් මිටින් එක පැය දෙකක් විතර තියේවී.. ලමයිට එලියට යන්න දෙන්න එපා.."

"හරියෝ.. මේ පොඩ්ඩක් 11 ශෙක්ෂන් එක පැත්තෙ වැඩියෙන් හිටපන්, ඉයෙත් තූල් අහු වුණා උන්ගෙන්.. මාර ජාතියක් උන්නම්,"
රයන් කිව්වා..

"ඔව් ඈ.. හිතාපන් යකෝ පොත අස්සෙ දාගෙන ඇවිත් හිතන්න ඇති අහුවෙන්නෙ නැති වෙයි කියල.." ඉෂිත් කිව්වා..

"මේ අද දවල් ගර්ල්ස් කූල් එකට යන්න ඔනී.. උන් කිව්වා ස්ටේජ් එකේ මල්වගයක් ගහගන්න තියනවා කියල.." මිතුක කිව්වා..

"අර මලයි මේ මලයි උස්සන් පොටෝ ගහන්න ගියාම තමා.." ඉෂිත් දුකින් කිව්වා

"ඔව් එක්කෙන් ගස් උඩත් නැගල පොටෝ ගහල තිබ්බේ.." රසොල් හිනා වෙවි කිව්වා..

"වහපිය කට.. අර ගෙදර පොල් ගාන පොටෝ එකට ස්ටීකරයක් හදනවා දැනගනිම්" ඉෂිත් කිව්වා..

"හදපන්..😒"

"යමු යමු.." සදැස් මතක් කරා

.......

"මොකද යකෝ මෙච්චර සද්දේ.."
කට්ටියම 11 සෙක්ෂන් එක ලගින් යද්දි ඇහුන විශාල ශබ්දයට කන් යොමු කලා..

*ඩාං ඩාං ඩං*

"හුත්** මොකාද යකෝ වෙඩි තියන්නෙ.." මිතුක කිව්වේ තරහෙන්

"වෙඩි නෙමෙ පකෝ මෙකෙක් හරි එකෙක් රතිඤ්ඤා දැම්මා.." රයන් කිව්වා

"යමන් බලන්න 11 පන්ති දිහා.."

කට්ටියම 11 සෙක්ෂන් එකට ගියා.. 11 පන්ති 8ක් තියනවා.. A - H එකට..

"සද්දෙ ආවෙ AB side එකෙන්.." රයන් කිව්වා..

කට්ටියම යනකොට B පන්තියේ උන් ඩෙස් ඉඩ නැගලා සිංදු කියනවා.. පන්තිය පුරාම රතිඤ්ඤා සැර..🥲.

"ඒයි නවත්තපියව් ඕක.." රසෝල්ගෙ කටේ සද්දෙට එක පාරම කට්ටිය වැටි වැටි හිටපු තැන් වලට ගියා..ඒ සද්දෙට සදැසුත් බය වුණා

"තොපි මේක මොකක් කියලද හිතන් ඉන්නෙ බල්ලො වගෙ හැසිරෙන්න.. කියපියව්.." රයනුත් පටන් ගත්තා...

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Wo Geschichten leben. Entdecke jetzt