2025 අගෝස්තු 13 ( පාන්දර 2:30)
Mithuka's POVමේවගේ දෙයක් කියල කවම දාවත් මම හිතුවෙ නෑ.. අනික... අනේ දෙයියනේ.. මට එතනින් එහාට හිතන්න හම්බුණේ නෑ.. පාන්දර චූදාන්න නෙතුක් නැගිට්ටා.. ඊට පස්සෙ මාවත් ඇදන් නිදාගන්න ගියා.. මහන්සියට වෙන්න ඇති මට එහෙම්ම නින්ද ගියා....
2025 අගෝස්තු 20 ( පාන්දර 5:30)
Author POV
Trip To Trincoooooooකට්ටියම උදේම රසොල්ලගෙ ගෙදර සෙට් වෙන්න තීරණය කල තිබුණා.. මේ පාරත් යන්නෙ වෑන් එකක්... රසොල්, සදැස්,ඉෂිත්,අනගි,නෙතුක්,මිතුක,නිම්නදී,
තරුන්දි,රයන්,තක්ෂික,ලක්ෂිත ඔය සෙට් එක තමා යන්නේ..
හරියටම සෙට් වෙන්න 5:30 බුක් කරා.. දැන් 5:30 තාම අඩුයි.. ඒ ගමන් ඉෂිත් ආවේ මල් පොකුරකුත් උස්සගෙන, අනගි ගාවට ගිහින්, මලපොකුර දික්කරල සින්දුවක් බෙරිහන් දුන්නෙ විජිත් අංකල් බලාගෙන ඉද්දිමයි.."ලස්සන දුනුකේ
මල වගෙ මැණිකේ
දැක්කම උදයේ
මගෙ හිත පිරුණේ"(මලවිකාර😒 ඉරිසියාකාර ලියන එකා)
(උදේ 6:00)
කට්ටියම එකතු වුණාට පස්සෙ කට්ටිය ගමන පටන් ගත්තා.. 119KM විතර තියන මේ ගමනට උපරිම 4ක් හෝ 5ක් යන බව කට්ටියම දන්නවා.. නැගිටලා ආතල් එකේ නට නට බස් එකක ගන්න ආතල් වෑන් එකක ගන්න බැරි බව දන්න නිසා.පෙන් එකකට පට්ට සින්දු ටිකක් දාගෙන යනකන් කිය කිය ගියා.. අතර මැදින් කට්ටිය කියන විහිලු කතා අහගෙන හිනා වෙවී මේ ගෙවන කාලේ ජිවිතේ ලස්සනම කාලෙ නේද මේ ගෙවිල යන්නෙ කියල කට්ටියටම මතක් කරා...
ජිවිතේ ලස්සනම කාලෙ ලස්සනට සතුටින් හිනාවෙලා ඉන්න ඔනී කියල දවසක් සුරංග සර් කිව්ව බව ගොඩ දෙනෙක්ට මතක් වුණා..
යන අතරතුර ඇදිලා අපූ අතීත කතා හරි ලස්සන මතක වල කට්ටියව එක්කන් ගියා...."මතකද ඒ අපි..." කියල පටන් ගෙන නිමක් නැති කතා ගොඩක් ඇතුලෙ කට්ටියම මේ පැය කීපය අතර නතර වුණා... ටිකෙන් ටික ත්‍රිකුණාමලයට ලංවෙනකොට, වෑන් එකේ වහලෙ රත් වෙනකොට,, උෂ්ණත්වය වැඩි වෙනකොට, නුවර අයගෙ ඇග ටික ටික විජලන වෙන්න පටන් ගත්තා... ඒ වගේ වෙලාවක තමන් වැඩි පුරම ආදරේ කරන කෙනා එක්ක, ඉන්නකොට ආදරෙත් විජලනය වෙනවා...
YOU ARE READING
කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]
RomanceBL : "මන් ඔයාට ආදරේ කරේ වෙන් වෙන්න නෙමේ.." "මන් ඔයාට ආදරේ කරේ මන් වෙනුවෙන් මැරෙනවා දකින්න නෙමේ". "මාව අතාරිනව ද?" "කවදාවත්ම නෑ.. ඒත්.." "ඒත්..?" Thashz_18 සම්මත සමාජයක, සම්මතයි කියන ආදර කතා ඇතුළත... ඇයි අසම්මත ආදරයක් 😣 මේක ශෝර්ට් ස්ටෝරියක් උපරිම 40...