තිස්වන කතන්දරය

25 2 3
                                    

Nov 30
Author POV

තැනෙක අයෙක් දුකක් විදි, තනිකමට හුරුවෙමින් සිටි, ජිවිතය දකිමින් සිටි, තනිව මුළු රැයක් පුරාම තනිව හඬමින් කාලය ගත කරමින් සිටි..
ඒ ගෙවෙනා මොහොතේම තවත් අයෙක් වේදනා විදිමින් සිටී, පසුතැවෙමින් සිටී, දිවා රැය නොතකා හඬමින් සිටි..

මීට මස දෙකකට කලින් ඒ කියන්නෙ සැප්තැම්බරයේ 17 වෙනිදා කලා උළෙල දවසෙ නෙතුක්ගෙ හදිසි අතුරුදහන්වීම හෑමොටම ප්‍රශ්ණයක් වුණේ නොවැම්බර් මාසෙ වෙනකම් විතරයි.. ඒ මිතුකට නෙතුක්ගෙන් ලැබුණු මහා අමන කෝල් එක නිසා.. මේ බල්ලා කිව්වානේ සම්බන්දෙ නවත්තනවද මොකක්ද.. මලසමයං...

නෙතුක් කෝල් එකෙන් කියපු දෙවල් තදින්ම හිතට කාවද්දගත්ත මිතුක ජිවිතේම පසුතැවීමක් බව තේරුන් ගත්තා... ඩයරිය පුරාවට ඇදුනු නිමක් නැති හැඩයක් නැති රේඛා ඒකට හොදම උදාහරණයක් කිව්වොත් මන් හරි.. නෙතුක් එච්චර ආදරේ කරපු මිතුකට එකපාරම එහෙම කිව්වාම හෑමොටම ආපු ප්‍රශ්නේ ඇයි? ඇයි යකෝ ඒ?

Nethuk s Diary,
2025/11/30,

"පාපොච්චාරණය කරනවා කියන්නෙ මහ අමුතු දෙයක් නෙමෙ මට.. ඒත් මේ විදිහ පාපොච්චාරණක් මට කරන්න වෙයි කියල මම හිතුවෙ නෑ.. මට සමාවක් දෙන්න බැරි තරම් මන් වැරදි කරලා.. මම මේ අඬනවා වගේම මන් දන්නවා මගෙ මිතුකත් අඬනවා කියලා, එයාගෙන් වැටෙන කදුලු වලට වැරදිකාරයා මම.. එයාට ලං නොවී ඉන්න තිබ්බෙ මට.. එයාගෙ ජිවිතේ අපායක් කරන්න වුවමනා නෑ මට... එදා කලා උළෙල දවසෙ එයාව හොයාගෙන ගියා විතරයි මට මතක, ඒ අස්සෙන් ඇහුණ වාහන සද්ද, හයියෙන් හිනා වෙන සද්ද, මගෙ කණ ඇතුළෙ තවමත් දෝංකාර දෙනවා... පැය ගානක් යන්න ඇති, සමහර විට දින ගණනක්.. මන් නැගිටිනකොට මගේ අත්, කකුල්, කට බැදල තිබුණා.. හෙමින් ගලාගෙන යන වතුර සද්දත් එක්ක පරණ අතෑරලා දාපු ලොකු බිල්ඩිමක් වෙන්න ඔනී ඒක.. මම හිටියෙ උඩක.. තට්ටු ගානක් උඩක.. මට ඒක දැණුනා.. මට ඒ බව හුළග කිව්වා... සිහිය ආපු වෙලෙ ඉදන් පැනල යන්න අර පැත්තටයි මේ පැත්තටයි ඇඹරි ඇබරි  ඉදල බිම කොන්ක්‍රීඩ් පොළොවට ඇග තුවාළ වුණා.. කමිසෙ ඉරිලා ගියා.. මන් ඒත් දැගලුවා.. කවුරු හරි එනවා වගේ දැනෙනකොට ඇත්තටම මම බය වුණා.. කවුද ඒ? මම මෙතනට ආවේ කොහොමද? මමගෙ එයාලට ඕනි මොනාද? වගේ ප්‍රශ්ණ ගොඩක් මගෙ හිත ඇතුළෙ දෝංකාර දුන්නා..ඒ එක්කම ටිකක් උස හැඩි දැඩි පිරිමියෙක් මගෙ ලගට ආවේ හරිම සංසුන්ව, මගෙ මූණට එයාගෙ කකුල තියල මගෙ ඇස් එයාගෙ ඇස් එක්ක සම්බන්ද කරගත්තා.. මන් හිටියෙ බයෙන්...
ඒ එක්කම හුරු පුරුදු අඩි සද්දයක් ඇහුනා.. ඒ සද්දෙ ටිකින් ටික ලං වෙනකොට ඒ මන් මෙච්චර කල් ගරු කරපු කාන්තා රූපය වුණාම ඇත්තටම මට කලකිරුණා.. මන් හිතුවා මට එයාට 'අම්මා' කියල කියන්න පුලුවන් වෙයි කියල.. මිස් ස්මීත් මගෙ මූණ ලගට නැමිලා මගෙ නිකටෙන් අල්ලලා මාව තල්ලු කරා.. මගෙ කම්බුලට ගැහුවා.. ඒ ගැනී සිංහලන් අර හැඩි දැඩි පිරිමියා එක්ක දොඩවද්දි.. මෙච්චර කාලයක් මන් ඉස්සර ජමන් වලින් දොඩපු අමුතු කුණුහරප මට මතක් වුණා.. මට දවසින් දවස නිදි පෙති දුන්නා.. එක එක ඩ්‍රග්ස් දුන්නා.. මට මතක නෑ මන් මොනවා කරාද මොනවා වුණාද කියල..පියවි සිහියෙන් නැගිටින හැම වෙලේකම මට දැනුනේ වේදනාවක්.. ඇග තැලිලා, හැම තැනින්ම ලේ යනවා.. නහයෙන් කටෙන්, පපුව දම් වෙලා.. මට ගොඩක් රිදෙනවා.. මගෙ ඇගේ තුවාල නොතිබුණු තැනක් නැති තරම්.. මාව පණ පිටින් වැලලුවානම් හොදයි කියල හිතුනා.. හැම රෑකම දූෂනය වෙනවට වඩා...මට එහෙම කරන්නෙ කවුද කියලවත් මන් දන්නෙ නෑ.. මන් දන්නෙ මන් දුර්වලයි, මට රිදෙනවා.. එච්චරයි.. මිතුකව මතක් වෙන මොහොතක් ගානෙ මන් ඇඩුවා.. තාත්තා කියන මිනිහා ඇවිත් තුන්වෙනි තට්ටුවෙන් දෙපාරක් මාව පල්ලෙහාට වැට්ටුවා.. බිමට ම්‍රෙට්ට්‍රස් දාලා තිබුණ නිසා මන් බේරුණා.. එයාල මාව බය කරා... ඒත් ඇයි මෙහෙම කරන්නෙ? මට ඒක තෙරෙන්න වෙලා ගියා.. මේක මගේන් පළිගැනීමක් නෙමෙ, මෙක මිතුකගෙන් පළි ගැනීමක්.. මන් දන්නෙ නෑ ඇයි මේ මනුස්සයා මෙච්චර මිතුකට අකමැති.. ඇයි එයා... තිනදි අක්කාව මැරුවා.. මිතුකගෙ තාත්තා මැරුවා. එයා මිතුකව මරයිද? මන් බය වුණා.. මිතුක මරණවා කියල තර්ජනය කරලා ජේඩන් කියන බල්ලගෙ ෆෝන් එකෙන් මිතුකට කෝල් කරලා එයාගෙ හිත රිද්දුවා.. ඒ වෙලෙත් ඔලුවට ඉලක්ක වෙලා තිබුණු තුවක්කුව මාව බය කෙරුවා... ජේඩන්ගෙන් ඉල්ලගත්ට්ග කොළයයි පෑනයි මගෙ ඩයරි එක වුණා... මේ ලියන ලියන කොළය ගානෙ උන් පිච්චුවා ඒත් මන් ලියනවා.. මේ වෙලෙත් මන් 28 වෙනි තට්ටුවේ කෙලවරක ඉදන් පණ නැති කකුල් දෙකයි නමන්න බැරි කොණ්දයි.. නොනවත්වා ලේ එන තොලුයි එක්ක පන නැති හුරු නැති වමතෙන් මේ ලියුම ලියන්නෙ දකුණු අතේ ඇගිලි දෙකක ඇට කැඩිලා නිසා...
මට කියන්න තියෙන්නෙ 'මට සමාවෙන්න'
මට අහන්න තියෙන්නෙ 'මට සමාව දෙනවද?'

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Where stories live. Discover now